*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/30

  1. අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් විශාල සහ නැඟී එන ආර්ථිකයන් සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කර ගැනීමේ ජනාධිපතිවරයාගේ දැක්මට සමඟාමීව, යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සිව්වන සාකච්ඡා වටය කොළඹදී පැවැත්වෙයි.
  2. දැයේ දූ දරුවන්ට නවීන තාක්ෂණය පිළිබඳ පුළුල් දැනුමක් තිබීම සහ අනාගතය සඳහා නවතම දියුණු තත්ත්වයන් සමඟ නිරන්තරයෙන් යාවත්කාලීන වීම ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – මෙමඟින් 20248 වන විට ඔවුනට රට භාරගැනීමට හැකිවනු ඇති බව ද පවසයි.
  3. බදාදා දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත වැටෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි – 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රු. 60 කින් පහත වැටේ; 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රු. 135 කින් පහතට; ඔටෝ ඩීසල් ලීටරයක් රු. 80 කින් පහතට; සුපර් ඩීසල් ලීටරයක් රු. 45 කින් පහතට; භූමිතෙල් ලීටරයක් රු. 10 කින් පහතට; ඉන්ධන මිල අඩු වීම සමඟ බස්ගාස්තු සහ ත්‍රීරෝද රථ ගාස්තු ද අවම වෙයි.
  4. රජයට අයත් මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරන සමයේ සිදුකළේ යැයි කියන රු. 883 ක වංචාවක් සම්බන්ධයෙන් හිටපු පා.ම. සජින් වාස් ගුණවර්ධනට එල්ල වූ චෝදනාවලට අදාළව ගොනුකළ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.
  5. ක්‍රිප්ටෝ මුදල් හා සම්බන්ධව පවතින විවිධ ආකාරයේ අවදානම් සහ එමගින් මහජනතාව හට ඇතිවන මුල්‍යමය අලාභ ඇතුලු අනෙකුත් අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින්, ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම ප්‍රවර්ධනය කරන සහ එසේ ප්‍රවර්ධනයට සහය දෙන පාර්ශ්වයන් වෙත එවැනි කටයුතුවලින් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි – ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා කිසිඳු පුද්ගලයකුට හෝ ආයතනයකට කිසිඳු බලපත්‍රයක් හෝ අවසරයක් ලබා දී නොමැති අතර ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ මූලික කාසි නිකුතුවකට (Initial Coin Offering) හෝ එහි කිසිඳු ප්‍රභේදයකට, ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමේ කාර්යයකට (Cryptocurrency Mining Operations), ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවකට (Cryptocurrency Exchange), ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ තැන්පතු භාරගැනීම හෝ භාරකාර සේවා සැපයීමට හෝ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන උපදේශන සේවාවන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බවද දන්වා සිටියි.
  6. පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් නැමැත්තිය, 2019 අප්‍රේල් 26 වන දින සයින්දමර්දුහි නිවසක් තුළ හටගත් මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමෙන් මිය ගිය බවට තුන්වන ඩීඑන්ඒ පරීක්ෂාවෙන් තහවුරු වූ බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි – 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව සාරා ජස්මින් නැමැත්තිය ඉන්දියාවට පළා ගිය බවට මත පළවී තිබිණි.
  7. රටේ ආර්ථික අර්බුදය හමුවේ වෘත්තිකයන් සඳහා සවුදි අරාබියේ නව රැකියා අවස්ථා විවෘත කරමින්, ශ්‍රී ලංකාව සහ සවුදි අරාබිය අතර ගිවිසුමක් අත්සන් කෙරේ – ශ්‍රී ලංකාවේ තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සහ සවුදි අරාබියේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යංශයට අයත් ටකමෝල් (Takamol) සමාගම අතර මෙම ගිවිසුම අත්සන් කිරීම සිදුව තිබේ.
  8. යෝජිත ‘ත්‍රස්ත විරෝධී පනත’ මගින් අධිකරණය සහ පාර්ලිමේන්තුව බරපතළ ලෙස දුර්වල කරනු ඇති අතර ජනතාවට තම ඡන්ද බලය භාවිතා කිරීමට, අදහස් ප්‍රකාශ කිරීමට, නීත්‍යානුකූල සාමකාමී විරෝධතාවලට සහභාගි වීමට, සහ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය අහිමි වනු ඇති බවට ආසියානු මානව හිමිකම් කොමිෂන් සභාව අනතුරු අඟවයි – රට තුළ අපරාධ ඉහළ යාම ද මෙහි ප්‍රතිඵලයක් වනු ඇති බවට පවසයි.
  9. හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සේවය අත්හිටවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යළි සේවයේ පිහිටුවයි – පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කෙරේ – නාලක සිල්වාගේ නම කරළියට පැමිණියේ 2018 වර්ෂයේ දී නාලක කුමාර නැමැත්තෙකු විසින් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ කරුණු අනාවරණය කිරීමත් සමඟ ය.
  10. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල තුළ සිදුවන්නේ යැයි කියන විවිධ නීති විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයන්ට පනවා ඇති දඩ මුදල ඉහළ දැමීමට තීරණය කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි – දඩය රු. 100,000 දක්වා ඉහළ දමා ඇති බව පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan