Wednesday, May 31, 2023
spot_img

Latest Posts

ගුවන්තොටුපළේ හොරුන්ට ඉඩ නෑ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ, කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයින්ට පනවන දඩය වැඩි කිරීමට තීරණය කර ඇති අතර , ඒ අනුව මේ දක්වා පැවති 25,000 දඩය රුපියල් ලක්ෂයක් (100,000 ) දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ , ගුවන් තොටුපළ තුළ රැඳී සිටින ටැක්සි රියැදුරන්, තැරැව්කරුවන් සහ වෙනත් නිලධාරීන් විවිධ අක්‍රමිකතාවල යෙදෙන බව පැමිණිලි ලැබී ඇති බවයි . බොහෝ ගුවන්තොටුපළවල දක්නට ලැබෙන ආචාරශීලි ස්වභාවයේ අඩුපාඩුවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දක්නට ලැබෙන බවත්, අවශ්‍ය නම් හමුදාව හෝ විශේෂ කාර්ය බලකාය කැඳවා තර්ජන ගර්ජන සිදුකරන අය ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය .

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.