ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ජාජබ හමුවට!

0
351

කොළඹ (LNW): ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ යමිනි මිශ්රා, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩෙප්‍රොස් මුචෙනා, රෙහාබ් මහමූර්, ත්‍යාගි රුවන්පතිරණ, බාබුරාම් පාන්ට් ඇතුළු නියෝජිත පිරිසක් අද (29) දින ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික නීතීඥ හර්ෂණ නානායක්කාර සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර  යන අය හමුවූහ.

මෙහිදී ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ නියෝජිතයින් විසින් එම සංවිධානයේ 2022 වාර්ෂික වාර්තාවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ වාර්තාව ජාතික ජන බලවේගයේ අවධානය යොමු කරන ලද අතර ඒ වෙනුවෙන් ඔවුන් වෙත ජාතික ජන බලවේගයේ ස්තූතිය පළ විය.