සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 31, කොළඹ (LNW): අද (31) දිනයේ පාස්කු ඉරුදින දේව මෙහෙයන් පැවැත්වෙන සියලු කිතුනු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් මූලස්ථානය කියා සිටියේ අද පස්වරුව දක්වාම එනම්, දේව මෙහෙය අවසන් වී සියලු බැතිමතුන් සිය නිවෙස් වෙත ගමන් කෙරෙන තෙක් මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.
ඊයේ දිනට යෙදී තිබූ මහා සිකුරාදා දින දේව මෙහෙයන් ආරම්භයේ සිටම එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූ අතර එය අද දිනයේ දී තවත් ව්රැඩි කළ බවද කියා සිටී.
