උතුරු පළාතේ ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW): වකුගඩු රෝගය පාලනය කර උතුරු පළාතේ ජනතාවගේ පානීය ජල ගැටලුව විසදීමට තවත් නැනෝ ජල පරිපහදු යන්ත්‍රාගාර 24ක් ස්ථාපිත කෙරුණු අතර, එය ලබන සෙනසුරාදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

වව්නියාව ජල පිරිපහදු යන්ත්‍රාගාර 6ක් සහ කිලිනොච්චි ජල පිරිපහදු යන්ත්‍රාගාර 18ක් විවෘත කෙරෙන අතර, මෙම කටයුතු සිදුකෙරෙන්නේ සැමට සුරක්ෂිත පානීය ජලය ලබාදීමේ රජයේ සංකල්පය යථාර්ථයක් බවට පත් කරමිණි.

මෙහි සැලසුම වන්නේ, 2021 වසරේ ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ උතුරේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 50ක් ඉදිකිරීමයි.

ඒ අනුව මුලතිව් යන්ත්‍රාගාර 4ක් කිලිනොච්චි හා වව්නියාව යන්ත්‍රාගාර 23ක් ස්ථාපිත කෙරුණා. මුලු ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 211ක් වේ.

පසුගිය වසර අවසානයේ දී පළමු අදියර ලෙස නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 26ක් ජනතා අයිතියට පත් කෙරුණු අතර මෙම සම්පූර්ණ ව්‍යාපෘතියෙන් පවුල් 16,480කට ප්‍රතිලාභ හිමිවන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...