*
Friday, September 20, 2024
spot_img

Latest Posts

5 වැනි බිම්ස්ටෙක් සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 5 වැනි සමුළුව, ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු 30 වැනි දින කොළඹ දී, අතථ්‍ය අයුරින් පවත්වන ලදී.

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය, භූතානයේ අග්‍රාමාත්‍ය ආචාර්ය ලොටේ ෂෙරින්ග් මැතිතුමා, ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා, නේපාලයේ අග්‍රාමාත්‍ය ෂර් බහදූර් ඩෙයුබා මැතිතුමා සහ තායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල් (විශ්‍රාමික) ප්‍රායුත් චන්-ඕ-චා මැතිතුමා යනාදීහු, මෙම සමුළුවට අතථ්‍ය අයුරින් සහභාගී වූහ. තවද, මියන්මාර රජය නියෝජනය කරමින් මියන්මාරයේ විදේශ අමාත්‍ය වුන්නා මාවුං ල්වින් මැතිතුමා ද මෙම සමුළුට අතථ්‍ය අයුරින් සහභාගී විය.

මෙම සමුළුව ඇරඹූ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, 1997 වර්ෂයේ දී පිහිටුවන ලද බිම්ස්ටෙක් සංවිධානය, ආරම්භයේ පටන් මෙම කලාපයේ රටවලට සිය අත්දැකීම්, ශක්තීන් සහ විශේෂඥ දැනුම බෙදාහදා ගන්නා අතරතුර එකිනෙකාට සහයෝගය දැක්වීම සඳහා ඉවහල් වන සුවිශේෂී වේදිකාවක් බවට වර්ධනය වී ඇති බව සඳහන් කළේ ය. මෙම කලාපය සතු භූ උපායමාර්ගික වැදගත්කම, ආර්ථික ශක්තිය සහ ලෝක ජනගහනයෙන් පහෙන් එකකට වඩා වැඩි ජනගහනයක් සතු වීම යනාදී කරුණු මෙහිදී විශේෂයෙන් වැදගත් වන බව එතුමා සඳහන් කළේ ය. ආර්ථික ප්‍රතිසාධනය  සඳහා පමණක් නොව, ඉහළ මට්ටමේ ආර්ථික සමෘද්ධියක්, යහපත් මහජන සෞඛ්‍ය සේවයක් සහ ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් කලාපය තුළ  දිගුකාලීනව ක්‍රියාවට නැංවීම යනාදිය සඳහා සාමාජික රටවල් අතර ඉහළ නංවන ලද සහයෝගීතාවක්  පැවැත්වීම අත්‍යවශ්‍ය බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. මෙවර සමුළුවේ තේමාව වූ, ‘බිම්ස්ටෙක්: ඔරොත්තු දීමේ හැකියාව සතු කලාපයක්, සෞභාග්‍යමත් ආර්ථිකයක්, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් කරා’ යන තේමාව පිළිබඳව සඳහන් කළ ජනාධිපතිවරයා, මෙම සමුළුව සඳහා තෝරාගෙන ඇති තේමාව තුළින් එම අභිලාෂයන් මනාව පිළිබිඹු වන බවත්, කලාපීය නායකයින්ගේ සාමූහික ක්‍රියාකාරකම් හරහා බිම්ස්ටෙක් සංවිධානය අර්ථවත් අන්තර් කලාපීය සහයෝගීතාවයක් කරා යොමු වනු ඇති බවත් සඳහන් කළේ ය.

කණ්ඩායම් ඒකාබද්ධ කිරීම සඳහා වැදගත් පියවරක් තැබූ මෙම සමුළුව, අද දින කොළඹ දී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කළේ ය. බිම්ස්ටෙක් ප්‍රඥප්තියට අත්සන් තැබීම තුළින් මෙම සංවිධානයේ භූමිකාව මෙම කලාපය තුළ පමණක් නොව, ආසියාවේ ගාමක බලවේගයක් වශයෙන් ගෝලීය කටයුතුවලදී සිය කාර්යභාරය ඉහළ නැංවීම සඳහා ඉවහල් වන  වැදගත් පියවරක් වන බව, ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ය.

බිම්ස්ටෙක් කලාපය ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටා ඇති බැවින්, එහි උපායමාර්ගික පිහිටීමට අනුව වෙළෙඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් පවත්නා වැදගත්කම පෙන්වා දුන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, බෙංගාල බොක්ක ආශ්‍රිත සම්පත් සම සේ ආරක්ෂා කර කළමනාකරණය කළ යුතු බව ද අවධාරණය කළේ ය. නියාමනය නොකළ, වාර්තා නොවූ සහ නීති විරෝධී ධීවර කටයුතු මෙන්ම, වෙරළබඩ ප්‍රජාවේ ජීවනෝපායට තර්ජනයක් එල්ල කරන අධික ලෙස මසුන් ඇල්ලීමේ කටයුතු  වැළැක්වීම සඳහා සාමූහික යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙසද එතුමා ඉල්ලා සිටියේ ය.

වෙළඳාම සහ ආයෝජන පිළිබඳ බිම්ස්ටෙක් සංවිධානයේ න්‍යාය පත්‍රය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, බිම්ස්ටෙක් රටවල පුද්ගලික අංශය සහ ආරම්භක ව්‍යාපාර එකිනෙකා සමඟ සමීපව කටයුතු කිරීම සහතික කිරීමේ අවශ්‍යතාව, මෙම සමුළුවේ නායකයන් හත් දෙනා විසින් අවධාරණය කරන ලදී.  ප්‍රවාහන සම්බන්ධතාව පිළිබඳ බිම්ස්ටෙක් සංවිධානයේ ප්‍රධාන සැලැස්ම සම්මත කරගත් මෙම නායකයින් සමුද්‍රීය, ප්‍රවාහන සහයෝගීතාව සහ මාර්ග සම්බන්ධතා පිළිබඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යළිදු අවධාරණය කළහ.

බිම්ස්ටෙක් සමුළුව අතරතුර පවත්වන ලද, නීතිමය ලියකියවිලි තුනකට අත්සන් තැබීමේ උත්සවයකට ද මෙම ප්‍රධානීහු සහභාගී වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කළ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, සාපරාධී කරුණු සම්බන්ධයෙන් වන අන්‍යෝන්‍ය නෛතික සහය පිළිබඳ බිම්ස්ටෙක් සම්මුතියට අත්සන් තැබූ අතර, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා බිම්ස්ටෙක් සාමාජික රටවල රාජ්‍යතාන්ත්‍රික ඇකඩමි/පුහුණු ආයතන අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබී ය. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දීපා ලියනගේ මහත්මිය, තාක්ෂණ හුවමාරු පහසුකමක් කොළඹ නගරය තුළ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබුවා ය.

මෙම සමුළුව අවසන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් සංවිධානයේ සභාපතිත්වය දැරූ කාල වකවානුව තුළ, සාමාජික රටවල් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය අගය කළේ ය. බිම්ස්ටෙක් සංවිධානයට ශ්‍රී ලංකාව ලබා දෙන සහයෝගය සහ කැපවීම පිළිබඳව තහවුරු කළ එතුමා, බිම්ස්ටෙක් සංවිධානයේ මීළඟ සභාපතිත්වය හිමි වන  තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත සිය සභාපති ධුරය භාර දුන්නේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 30 වැනි දින

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan