03 වෙනිදා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව රට වෙනුවෙන් පාරට බහිමු – සජිත් (VIDEO)

Date:

වත්මන් ආණ්ඩුව පළවාහැර රට ආරක්ෂා කරගැනීම සඳහා අප්‍රේල් 03 ඉරිදා දිනයේදී ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව පාරට බැස විරෝධතා දක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

“අද රටේ ජනතාවට ජීවත්වෙන්න හැකියාවක් නැහැ. තෙල් ටික නැහැ, අත්‍යාවශ්‍ය ආහාර පාන නැහැ, කිරිපිටි නැහැ. මේ රටේ ජනතාව කොහොමද ජීවත්වෙන්නෙ ? දැන් අපි හැමෝම ඉවසුවා ඇති. මේ රටට මෙහෙම යන්න බෑ. අද රට බංකොලොත්වෙලා. රටේ පාලනයක් නැහැ. අදූරදර්ශී රාජ්‍ය පාලනයක්, නොහැකියාවෙන් පිරුණු රාජ්‍ය පාලනයක් තියෙන්නෙ. මිනිස්සු ජීවත් කරවීම ආණ්ඩුවේ වගකීමක්. අද ඒ වගකීමෙන් ආණ්ඩුව පැනලා ගිහිල්ලා තිබෙන්නෙ. ඒ නිසා මේ අපේ මාතෘභූමිය අද විවිධ කණ්ඩායම්වල වෙන්දේසිලන්තයක් බවට පත්වෙලා. මේක අපේ රටේ සම්පත් තුට්ටු දෙකට අලෙවි කරන යුගයක්. අපේ මතු පරම්පරාවට රට අහිමිවීගෙන යනවා. ඉවසුවා ඇති ! ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව අපි පොදුජන බලවේගයක් එක්ක රටේ වෙනසක් ඇතිකරමු. සියලුදෙනාම 3 වෙනිදා, ඉරිදා පාරට බහින්න. මමත් එනවා, අපිත් එනවා. අපි අපේ රට රැකගනිමු, ආරක්ෂා කරගනිමු, ගොඩනගමු”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (30) දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...