වැස්සයි, සල්ලියි දෙකම නොලැබුණොත් අවුරුදු කන්න වෙන්නේ අඳුරේ – විදුලි ඉංජිනේරුවන් (VIDEO)

Date:

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරීයාමට වර්ෂාවත් ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදලුත් යන දෙකම ලැබුණොත් පමණක් එළියක් ඇතිව අවුරුදු සැමරීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

“පැහැදිලිවම දැන් තියෙන තෙල්, අපට ලැබිච්ච ප්‍රමාණය අනුව පැය 10ක් විදුලිය කැපෙනවා. මේ තත්වය යටතේ ඉදිරියට කපන පැය ගණන වැඩිකරන්න වෙනවා. මොකද, බාර්ජ් විදුලි බලාගාරයේත් තව දින තුනකට පමණ තමයි තෙල් ඉතුරුවෙලා තියෙන්නෙ. ඒ අනුව කපන ප්‍රමාණය තවත් වැඩිකරන්න වේවි. අපට ඉන්ධන ලබාදෙනවා නම් විදුලිය ලබාදෙන්න පුළුවන්. අපි කියන්නෙ පැහැදිලිවම රජයට සහ ඛනිජ තෙල් සංස්ථාව ඇතුළුව ඒ අදාළ ආයතනවලට අපට ඉක්මනට තෙල් ටික ලබාදෙන්න, මේ විදුලිය කැපෙන ප්‍රමාණය පුළුවන්ම තරම් අඩුකරන්න අපට එතකොට පුළුවන්. තෙල් නොලැබුණොත්, වැස්සෙ නැතිවුණොත් පැහැදිලිවම අඳුරේ ඉන්න වෙයි. දෙවියෝ වැස්ස දේවි, තෙල් ටික සල්ලි තිබුණොත් ලැබේවි, එහෙම වුණොත් පමණයි අපට එළියක් සහිතව අවුරුද්ද සමරන්න වෙන්නෙ”

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...

විගමනික සේවක වෙළඳ ප්‍රදර්ශනයක් අද(20) දියත උයනේදී….

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකා විදේශ...