Wednesday, March 22, 2023
spot_img

Latest Posts

පාර්ලිමේන්තුවේදී මේ ආණ්ඩුව පරාජය කර අලුත් ගමනකට මුල පුරන්න ඕනෑ – විමල් (VIDEO)

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්කර නව ගමනක් ආරම්භ කළයුතු බවත් වත්මන් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ජනතාව මැති ඇමතිවරුන්ට බල කළයුතු බවත් ආණ්ඩුවේම කුඩා පක්ෂ 11ක සන්ධානයේ නායකයකු වන විමල් වීරවංශ මහතා පවසයි.

“මොකක් හරි අඳුරු ඉරණමකට ආණ්ඩුව ඇදවැටිලා. එහෙම ආණ්ඩුවකට පුළුවන්කමක් නෑ මේ වගේ තත්වයකින් මේ රට බේරාගන්න. ඒ නිසා තමයි අපි ආරාධනා කරලා තියෙන්නෙ හැමෝටම පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුව පරාජයට පත්කරලා නව ගමනකට මුල පුරන්න ඕනෙ. එහෙම නැතුව මේගොල්ලොන්ට මේ පණ ඇද ඇද මේ රට විනාශ කරන්න ඉඩදිය යුතු නෑ”

“මේ ආණ්ඩුවේ ඉන්න හැම මැති ඇමතියාටම රටේ මිනිස්සු මොන විදියෙන් හරි කියන්න ඕනෙ බැහැපල්ලා මෝඩයෝ එළියට කියලා”

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ 11 සන්ධානයේ නියෝජිතයින් සමග ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.