වෙන්නෙ මොනවද කියලා අපි දන්නෙත් නෑ අපිත් ඉන්නෙ බයෙන් – කෙහෙළිය

Date:

වර්තමානයේදී රටේ පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මක බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. පවතින තත්වය පිළිබඳව මැනවින් සිතා බලා කටයුතු කළයුතු බවයි ඇමතිවරයා පවසන්නේ.

හෙට දවසේදී සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඇමතිවරයෙක් ලෙස තමාටද වැටහීමක් නොමැති බව පෙන්වා දෙන රඹුක්වැල්ල මහතා, ගමන් බිමන් යන්නේද යම් තැතිගැනීමකින් බවද පවසනවා.

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ඔක්සිජන් වායු උත්පාදන ඒකකය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාවෙමින් ඇමතිවරයා මාධ්‍ය වෙත මේ බව සඳහන් කළේය.

ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීනවීමට සූදානම් වන්නේදැයි මාධ්‍යවේදීන් සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා සඳහන් කළේ රට අභියෝග රැසකට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක සිදුකළ යුත්තේ ආණ්ඩුවෙන් ඉවත්ව රට තවත් අර්බුදයකට බඳුන් නොකර තිබෙන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගතයුතු බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුපුන්ගේ රිදමයට පැමිණීම

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: යුපුන් අබේකෝන් සිටියේ යම්...

ජ.වි.පෙ.ට යථාර්ථය සම්මුඛ වීම ….

මාලිමාව බලය සඳහා හෝ වෙන දෙයක් සඳහා හෝ බාහිර...

බංගලාදේශ නායක සන්ටෝ සහ දඟ පන්දු බල ඇණිය වැඩි ගෞරව දිනා ගත් තරගයක්

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ඇමරිකාව ඉරානයට පහරදෙයි !!

ඉරානයේ පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඉතාම සාර්ථකව ප්‍රහාර එල්ල...