*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ජනතාවගේ ජීවන රටාව ශක්තිමත් කරමින් ගෙවතු ලක්ෂ 22 ක්

ජනතාවගේ ජීවන රටාව ශක්තිමත් කරමින් ගෙවතු ලක්ෂ 22 ක් පසුගිය කොවිඩ් අභියෝග මැදින් අපේ රටේ ජනතාවගේ ජීවන රටාව ශක්තිමත් කර ගනිමින් ස්වයං පෝෂිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සදහා වැඩ කරන ජනතාවක අවශ්‍යතාව මැන හඳුනාගත් වත්මන් රජය මුළු ශ්‍රී ලංකාව එකම වගා බිමක් කිරීමේ වගා සංග්‍රාමය අරඹා ඇත. ඈත අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය බවට අපේ රට පත් වූයේ එදා අපේ රටේ ජීවත් වූ පෙර රජදරුවන් පවා එක මුඩුබිමක් වත් වගා නොකොට අත්නොහැරිය හෙයිනි.වර්මාන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගෙවතු ලක්ෂ 22 ක වැඩ සටහන ආරම්භ කිරීමට පියවර ගන්නා ලද්දේ රටේ ජනතාවගේ ජීවන රටාව ශක්තිමත් කිරීම සදහාය. පැළ වර්ග, බීජ වර්ග බෙදා දෙමින් එහි මුල් පියවර තැබීමට හා ජනතාව උනන්දු කරවීමට ක්‍රියා කළේය. එය අද පෙරටත් වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක වේ.

හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය ආරම්භ කරමින් මූලිකත්වයෙන් ඉඩම් අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, සමෘද්ධි අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශ ගණනාවකගේ අනුග්‍රහයෙන් ‘හරිත දැයක් ගෙවතු වගා සංග්‍රාමය’ මේ වන විට දිවයින පුරා සියලුම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ස්වයං පෝෂිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට සදහා වැඩ කරන ජනතාවක අවශ්‍යතාව මැන හඳුනාගත් වත්මන් රජය මුළු ශ්‍රී ලංකාව එකම වගා බිමක් කිරීම සදහා මෙම වගා සංග්‍රාමය අරඹා ඇත. ඈත අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය බවට අපේ රට පත් වූයේ එදා අපේ රටේ ජීවත් වූ පෙර රජදරුවන් පවා එක මුඩුබිමක් වත් වගා නොකොට අත්නොහැරිය හෙයිනි. මෙවන් වටාපිටාවක අපේ රටේ ජීවත් වූ අතීත ජනතාව කය වෙහෙසවා දහදිය වගුරවා සිය ශ්‍රමය පූජා කිරීමේ අවසන් ප්‍රතිඵලය වූයේ සමෘද්ධිමත් දේශයක් වශයෙන් අපේ රට පෙරට ඒමයි.පර්චස් 20ක භුමි ප්‍රමාණයක මේ සුන්දර ගෙවත්ත නිර්මාණය කිරීම රජයේ බලාපොරොත්තුවයි.

මෙහි මූලික අරමුණ ඉඩම් වල 100%ක ඵලදායිතාවය ඇති කිරීමයි. බටු, මිරිස්, තක්කාලි, මාළු මිරිස් පැළ වශයෙන් 40 ක් සෑම ගෙවතු ලාභියකුටම ලබා දෙයි. වගාවන් සදහා අවශ්‍ය භෝග වර්ග ද රජය මගින් සපයා දීම මෙහි ඇති සුවිශේෂී බවකි. තවද ගම්වල සිටින සමෘද්ධිලාභීන් මඟින් පැළතවාන් ඇති කොට ඒ පැළ වර්ග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මිල දී ගැනීමෙන් සමෘද්ධිලාභියා සැබෑ ස්වයං රැකියාලාභියකු බවට පත් කිරීමට හැකි වී ඇත.පවුලේ සාමුහික බව ඇති වීම ගෙවතු වගා ලක්ෂ 22 ක් තුළ ඇති තවත් මානුෂීය ගුණාංගයකි. තවද වගා බිමෙන් නෙළා ගන්නා ආහාර වර්ග අසල්වාසින් අතර සුහද හුවමාරු ක්‍රමයක් ද මෙමඟින් ඇති වේ. එය සමගි සමාදානයට ද අත්වැලකි. කාබනික පොහොර භාවිත කරමින් නෙළා ගන්නා, අස්වැන්නට හොඳ වෙළෙඳපො ළද නිර්මාණය වී තිබීම අගය කළ යුත්තකි. අවසාන වශයෙන් මෙහි ඇති සුවිශේෂි බව නම් සෑම ගෙවතු ලාභියකුටම රුපියල් පන්දහසක මුදලක් වගා බිම සකසා ගැනීමට රජයෙන් ලබා දෙයි. දිරිමත් ගෙවතු ලාභියකු තුළින් හෙට දිනයේ සරුසාර අස්වැන්නක් මඟින් අතමිට සරු ජනතාවක් බිහි කිරීම වර්තමාන රජයේ ඒකායන අරමුණය.

~ ශම්මි ~ FACEBOOK

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan