*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

සැඬ සුනාමි මැඬ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ඉඬ හදාගත් තිලාන්

වර්ෂය 2004 බොක්සිං දිනය ය.සැඬසුනාමි රළ අතර ජීවිතය රැකගන්න උත්සාහ කරන පවුලක්ය.පුංචි කොලු පැටියාට සිය සිඟිති දෙපාවල වාරුවෙන් හඹා එන රළ මැඩ දුවන්නට වාරු නැත.සිව පියා පුතාව ඔසවා ගත්තේය. ජීවිතය තරමට වටින සිය ලේ අයිතියත් සමඟ පුතුද පවුලද රැක ගන්නට ඒ තාතතා සමත් වන්නේය.ඒ දුව ආ දෙසට වාහනයෙන් නික්ම යන්නට නොහැකි සේ තිබූ පාලම සැඬ සුනාමි රළ රැඟෙන ගියත්, ආදරයේ බැම්මෙන් බැඳුණු ස්වීය පවුලේ බැම්ම සවිමත්ව රළ මැඬ ජීවිතය රැක ගනිමින්ය.

ඒ තාත්තා අජිත් වළල්ලාවිට විය.පුතා පුතා තිලාන් වළල්ලාවිට ය.මේ පුවත රළ යට සැඟව තිබී මේ මොහොත වන විට ලෝකයම කතා කරන ප්‍රවෘත්තියක්ව ඇත්තේ තිලාන් එංගලන්තයේ පුරවැසියෙක් ලෙස පිළිගෙන ඇති නිසාය.ඒ පිළිගැනීම වැදගත් වන්නේ ඔහුට මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ ක්‍රිකට් දොරටු විවරවීම නිසාය.ඒ අලුත් පරිච්ඡේදයක ආරම්භයක් විය හැකි බව ක්‍රිකට් ප්‍රවීනයන්පෙන්වා දෙන නිසාය.

මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟවලදී තිලාන් සමඟ ප්‍රාන්ත කණ්ඩායම් සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තිදෙනෙක්ය.දිමුත් කරුණාරත්න යෝක්ෂයර් සහ සුරංග ලක්මාල් ඩර්බිෂයර් ප්‍රාන්තය නියෝජනය කරති.එහෙත් මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය නියෝජනය කරන තිලාන්ගේ කතාව ඊට වෙනස්ය.දිමුතු සහ සුරංග දශක ගණනාවක් ජාත්‍යන්තර පිටියේ පෙන් වූ දක්ෂතා හරහා මේ කණ්ඩායම් සමඟ එකඟතාවයකට පිවිසෙන අතර තිලාන් ලෝකය දැනගන්නට නියමිතව ඇත්තේ මිඩ්ල්සෙක්ස් දස්කම් හරහා ඓහෙත් ඔහු පුරවැසිකම ලබන්නටත් පෙර මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් තරඟ නවයකදී ක්‍රීඩා කරන්නට තරම් එම කණ්ඩායමේ විශ්වාසය තහවුරු කරගෙන ඇත.ජාත්‍යන්තර තරග අත්දැකීම් නැති තවමත් විසි දෙහැවිරිදි වමත් දඟ පන්දු යවන්නාට සිය විදේශ ක්‍රීඩක කොවෙ යටතේ අවස්ථා නවයක් ලබා දෙන්නට මිඩ්ල්සෙක්ස් බලධාරීන් කලපනා කිරිමම ඔහු කුමනාකාරයේ දක්ෂයෙක්දැයි සිතන්නට ප්‍රමානවත්ය.දැන් ඒ කෝටාව නිමා වි එංගලන්තයේ පුරවැසියෙක් ලෙස ඔහුට මිඩ්ල්සෙක්ස් දොර පුළුල්ව විවර තිබෙන නිසා මීට වඩා ඔහුගේ අවස්ථාව සුරක්ෂිතය.විශ්වසනීය ය.

තිලාන් 2011 දි සුනාමි මතකයත් රැඟෙන එංගලන්තයට එන්නේ 2011 දී ය.එතැන් සිට පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව සහ පානදුර ක්‍රීඩා සමාජයට සම්බන්ධව ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙන අජිත් වළල්ලාවිට සිය පුතාගේ ක්‍රිකට් දිවිය පසු පස්සේම රැඳිණ.සුනාමියෙන් දිවි පරදුවට තබා රැකගත්තා සේ ම ඔහු පුතුගේ ක්‍රිකට් ජීවිතයේ සෙවනැල්ල සේ ම උන්නේය.කුඩා අවදියේම මිඩ්ල්සෙක්ස් හි ගැටයන් අතර කැපි පෙණුන තිලාන්,2019 වසරේ දෙවන පෙළ තරඟවලිය අවසන් කළේ ක්‍රීඩා සමාජයේ වැඩිම කඩුලුලාභියා වෙමින්ය.එංගලන්තයේ වේග තණතීරු මත වමත් දඟ පන්දු යවන්නෙක්ට එවැනි වික්‍රමයක් කරන්නට හැකිවීම යනු අපූරු හැකියාවක්ය.ඒ නිසාම 2020 දී ම පළමුපෙළ වරම් ද සිය සිමාව ඇතුළේ තිලාන් වෙනුවෙන් හැකි අවස්ථාවන්හී විවර කර දෙන්නට මිඩ්ල්සෙක්ස් බලධාරීහූ පියවර ගත්තේය.

පල නොකියා පලා බෙදද්දී සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන සුරංග ලක්මාල්ට ඩර්බිෂයර් ප්‍රාන්තය අත දිගු කරන්නේය.ඔහු වාස්ගෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලද පන්දු යවන්නාය.ජයග්‍රාහී නායකයෙක්ය.ඒත් කණ්ඩායමට ක්‍රීඩා කරන්නට හැකියාව ඇත්තේ තේරිම් කමිටුවේ සභාපතිවරයාගේ රුචි අරුචිකම් මත මිස ක්‍රිකට් හැකියාව මත නොවේය.එය දේශපාලන සබඳකම් සහිත අයෙකුගේ අතට පත් වූ විට තත්ත්වය තවත් දරුණුය.මේ මොහොතේ සිඳුවන්නේ එය ය.ක්‍රීඩකයා රැකගන්නවාට වඬා දේශපාලනයට සම්බන්ධ ව්‍යාපාරිකයා රැක ගැනීම දේශපාලනයට වැදගත්ය.තිලාන්ගේ ක්‍රිකට් ජීවිතය ආරම්භවන්නේ ඊට වෙනස් පරිසරයකය.සමහර විටෙක ඔහු එංගලන්තයට කැඳවුව ද දවසක කුමක් හරස් වුව ද,ඊට දේශපාලන සබඳතා ඇති මුදලාලිලාගේ මැදිහත්වීම සිඳු නොවනු ඇත.

තිලාන් අදිටන් කරගෙන සිටියේම එංගලන්ත ක්‍රීඩකයෙක් විමටය.ඔහු වසර දහයක්ම මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ කොටසකි.එහි හැමදේම තමන්ගේ සේ භුක්ති විඳින්නෙක්ය.

“මම මේ අවස්ථාව බලාගෙන හිටියෙ.දැන් ලොකු බරකින් නිදහස් තිලාක් එසේ පවසන්නේ වඩා නිදහස්වීම නිසා පුළුල්වන අවස්ථාවන්ගෙන් සිය වෘත්තීය ක්‍රිකට් ජීවිතය පොහොසත් කර ගැනීමේ පදනමේ සිටය.

මිඩ්ල්සෙක්ස් හී ක්‍රිකට් ප්‍රධානි ඇලන් කෝල්මන් ට අනුව ඔවුන්ට තිලාන්ගෙන් වැඩ ගැනීමට මේ අවස්ථාව විවර වූ විශාල දොරකි.ඒ තිලාන්ට සිමාවලින් තොරව දේශිය ක්‍රීඩකයෙක් ලෙස මිඩ්ල්සෙක්ස් කණ්ඩායමට දායකත්වය ලබා දෙන්නට ලැබෙන වැඩි අවස්ථාව ගැන කෝල්මන් උද්දාමයට පත්ව සිටින්නේය.

“ඉමහත් දක්ෂතා ඇති වමත් දඟපන්දු යවන්නෙකු ලෙස,ඔහු ක්‍රීඩාවේදී අප බොහෝ බලාපොරොත්තු තබා ඇති දුර්ලභ දක්ෂයෙකි. ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවේ මීළඟ අදියර සඳහා ඔහුට සහයෝගය දැක්වීම අපේ බලාපොරොත්තුවයි.” කෝල්මන් මේ අති දක්ෂ ක්‍රීඩකයාගේ සපල කර ගැනීමට උදව් කරන්නට බලාපොරොත්තුවන ඊ ළඟ අදියර එංගලන්ත ජාතික කණ්ඩායම විය හැකිය.

දැනටත් පන්දු යවන්නෙක් ලෙස විවිධ පන්දු මිශ්‍රණයක් සඳහා හුරු වෙමින් සිටින තිලාන් දඟ කැවීමෙන් මෙන්ම විවිධ වෙනස් කම් සහිතව පන්දුව පාලනයෙන් බොහෝ දුර ගොස් ඇත.එසේම පුහුණුකරුවන් ඔහුට ඇති අපූරු කවර් ඩ්‍රයිව් පහරවල් නිසා ඇතැම් විට ජයසූරිය නමින් ආමන්ත්‍රණය කළත් ඔහුත්,පුහුණුකරුවොත් එක තැනකදී එකඟ වෙති.

දවස් හතරක තරගයකට තව දුරටත් සංයමය සහ විශ්වාසය පිතිකරුවෙක්ට අවශ්‍යය වේ.

ඒ නිගමනය සමඟ දැන් තිලාන් හැඩ ගැසෙමින් සිටින්නේ පන්දුවෙන් පමණක් නොව පිත්තෙන්ද වැදගත් වැඩ කොටසක් කරන්නටය.කෙසේ නමුත් 2004 දෙසැම්බර් හය වැනිදා ඔහුගේ පියා ඔහුවත් රැඟෙන දිව යද්දි එහි කඳු ගැටයක් තිබිණ.ඒ මුදුණේ දේවාලයක්ද තිබිණ.ඒ දෙවියන්ගේ සැළසුමක් නොවුණ ද,අපූරු ක්‍රීඩකයෙක් මෙලොවට ඉතුරු කරන්නට සිවභාව ධර්මයේ ආශිර්වාදය එහි ගැබ්ව තිබෙන්නට ඇත.අපි අපොහොසත් තැනක සිටින රටකි.ඒ නිසා ස්වභාව ධර්මය ඉතුරු කර දුන් දායාදය, වඩාත් මනුස්සවාසයට හොඳ තැනෙක සිය ක්‍රීඩා ජීවිතයේ ආශිර්වාදය ලබාගෙන ඇත.

කිව හැක්කේ දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු යනුවෙන් ය.තිලාන් සුදුසු තැන නිසි හරඹ දක්වන තෙක් අපි බලා සිටින්නෙමු.එසේම අප්‍රේල් 7 වන දා මිඩ්ල්සෙක්ස් සහ ඩර්බිෂයර් තරගයේදී බොහෝ විට තිලාන්ගේ දඟ කැවීම සහ සුරංගගේ වේගය ද එකිනෙකාට එදිරිව හමුවෙනු ඇත.

අපි දෙදෙනාටම සුබ පතමු.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan