Wednesday, May 31, 2023
spot_img

Latest Posts

අනිද්දා සිට පවර් කට් අඩු වෙනවා – විදුලිබල සභාපති

අනිද්දා දිනයේ සිට, දෛනික විදුලි කප්පාදුව අඩු කිරීමට හැකිවනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ප්‍රදිනාන්දු මහතා පවසනවා.

විදුලි නිෂ්පාදනය සඳහා ඩීසල් තොගයක් ලබාදීමට ඛනිජ ‍තෙල් සංස්ථාව එකඟතාවය පළකර ඇති අතර එසේ වුවහොත් දෛනිකව නිෂ්පාදනය කරන විදුලි ධාරිතාවය ඉහළ දැමීමට හැකිවනු ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ප්‍රදිනාන්දු මහතා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඊයේ දිනයේදී පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු වූ අතර අද වනවිට එය පැය 13 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. හෙට දිනයේදී පැය 15 ක විදුලි කප්පාදුවක් සිදුවන බවයි නිවේදනය කර තිබෙන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.