අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවකයන්ටත් ගෙදර ඉඳන් වැඩ කරන්න කියයි

Date:

පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ අගමැතිවරයා යටතේ පවති අමාත්‍යංශයේ සේවකයන් අනිවාර්යෙන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ රාජ්‍ය සේවකයන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳව සලකා බලා සහ ඉන්ධන පිරිමසා ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි.

අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැතිව වුවද නිළධාරීන් සිය රාජකාරි උපරිමයෙන් සිදු කරන බව සිහිපත් කරන අගමැතිවරයා පවසන්නේ ඊට තමාගේ කෘතවේදීත්වය පළ කරන බවයි.

ඉන්ධන, විදුලි, ගෑස් ඇතුළු අර්බුද ගණනාවක් හේතුවෙන් ජනතාව විඳින දුෂ්කරතා පිළිබඳව රජයක් ලෙස ඉතාම සංවේදී බවත් එම අර්බුද ජය ගැනීම සඳහා ගතහැකි සියලුම ක්‍රියාමාර්ග යුහුසුළුව ගන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තිස් වසරක කුරිරු යුද්ධය ජයගත් ආකාරයෙන්ම කොරෝනා වසංගතය වැනි අභියෝග ජයගත් ආකාරයෙන්ම වත්මන් අභියෝගද ජය ගැනීමට රජයට හැකියාව තිබෙන බවද අගමැතිවරයා අවධාරණය කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...