කළුතර පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් 06 හැවිරිදි දරුවෙක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කළුතර, ගමගොඩපාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළ බවට සැකකෙරෙන පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ 06 හැවිරිදි පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පෙරේදා (මාර්තු 29) රාත්‍රී 10.00 ට පමණ මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය අදාළ නිවසට එල්ල කර ඇති අතර ඒ මොහොතේ රූපවාහිනී නරඹමින් සිටි එම දරුවා සහ දරුවා බලා ගැනීමට නිවසේ සිටි තවත් කාන්තාවක් එයින් පිළිස්සුම් තුවාල ලබා ඇත.

ඔවුන් දෙදෙනා කඩිනමින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තුවාල ලබා සිටි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර යැවීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) සවස මියගොස් ඇති බව සඳහන්.

මෙම පහරදීමට සම්බන්ධ කිසිදු පුද්ගලයකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති අතර, පහරදීම කුමන හේතුවක් නිසා සිදුව ඇද්ද යන්න පිළිබඳව ද මේ වනතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...