කළුතර පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් 06 හැවිරිදි දරුවෙක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කළුතර, ගමගොඩපාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළ බවට සැකකෙරෙන පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ 06 හැවිරිදි පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පෙරේදා (මාර්තු 29) රාත්‍රී 10.00 ට පමණ මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය අදාළ නිවසට එල්ල කර ඇති අතර ඒ මොහොතේ රූපවාහිනී නරඹමින් සිටි එම දරුවා සහ දරුවා බලා ගැනීමට නිවසේ සිටි තවත් කාන්තාවක් එයින් පිළිස්සුම් තුවාල ලබා ඇත.

ඔවුන් දෙදෙනා කඩිනමින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තුවාල ලබා සිටි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර යැවීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) සවස මියගොස් ඇති බව සඳහන්.

මෙම පහරදීමට සම්බන්ධ කිසිදු පුද්ගලයකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති අතර, පහරදීම කුමන හේතුවක් නිසා සිදුව ඇද්ද යන්න පිළිබඳව ද මේ වනතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...