වංචනිකයින්ට,දුෂිතයින්ට යළි ඉඩක් නැහැ.නීතිවිරෝධී වත්කම් යළි පවරා ගැනීමට නීති එයි!

Date:

කොළඹ LNW:නීත්‍යානුකූල නොවන අයුරින් උපයා ගෙන තිබෙන වත්කම් යළි පවරාගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් මස 08වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාතර වැලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

“ආණ්ඩුවක් කොහොම ද දූෂිතයින්ට දඬුවම් දෙන්නේ, ආණ්ඩුවක කොහොමද අපරාධකරුවන්ට දඬුවම් දෙන්නේ. මොකද්ද ආණ්ඩුවට තියෙන වැඩ කොටස. ඔන්න ආණ්ඩුවට තියෙනවා නීති ටිකක්. අපි මේ 8 වෙනිදාට පාර්ලිමේන්තුවේ සම්මත කරනවා හොරකම් කරලා වත්කම් එකතු කරගෙන තියෙනවා නම් වත්කම් යළි අත්පත් කරගැනීමේ නීතියක් සම්පාදනය කරනවා. නීතියානුකූල නොවන ආකාරයට උපයාගෙන තියෙන වත්කම් පවරා ගැනීමේ පනත. කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගැනීමේ අදහසක් අපට නෑ. මේ අපේ රටේ නීතියේ විධානය, ආදිපත්‍ය යළි මේ මාතෘභූමිය තුළ තහවුරු කිරීම අපේ අපේක්ෂාව.”

ඒ අනුව ජනාධිපතිවරයා අවධාරණය කළේ වංචනිකයින්ට සහ දුෂිතයින්ට යළි රට පාලනය කිරීමේ අවස්ථාව ලබා නොදෙන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...