වංචනිකයින්ට,දුෂිතයින්ට යළි ඉඩක් නැහැ.නීතිවිරෝධී වත්කම් යළි පවරා ගැනීමට නීති එයි!

Date:

කොළඹ LNW:නීත්‍යානුකූල නොවන අයුරින් උපයා ගෙන තිබෙන වත්කම් යළි පවරාගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් මස 08වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාතර වැලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

“ආණ්ඩුවක් කොහොම ද දූෂිතයින්ට දඬුවම් දෙන්නේ, ආණ්ඩුවක කොහොමද අපරාධකරුවන්ට දඬුවම් දෙන්නේ. මොකද්ද ආණ්ඩුවට තියෙන වැඩ කොටස. ඔන්න ආණ්ඩුවට තියෙනවා නීති ටිකක්. අපි මේ 8 වෙනිදාට පාර්ලිමේන්තුවේ සම්මත කරනවා හොරකම් කරලා වත්කම් එකතු කරගෙන තියෙනවා නම් වත්කම් යළි අත්පත් කරගැනීමේ නීතියක් සම්පාදනය කරනවා. නීතියානුකූල නොවන ආකාරයට උපයාගෙන තියෙන වත්කම් පවරා ගැනීමේ පනත. කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගැනීමේ අදහසක් අපට නෑ. මේ අපේ රටේ නීතියේ විධානය, ආදිපත්‍ය යළි මේ මාතෘභූමිය තුළ තහවුරු කිරීම අපේ අපේක්ෂාව.”

ඒ අනුව ජනාධිපතිවරයා අවධාරණය කළේ වංචනිකයින්ට සහ දුෂිතයින්ට යළි රට පාලනය කිරීමේ අවස්ථාව ලබා නොදෙන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...