මියන්මාර භූ කම්පනයෙන් මිය ගිය ගණන 1700 පනී.ඩොලර් මිලියන 08ක හදිසි ආධාර අවශ්‍යයි.WHO නිවේදනය කරයි!

Date:

කොළඹ LNW: මියන්මාරයට බලපෑ රික්ටර් මාපකයේ 7.7 ක හා 6.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පන හේතුවෙන් මිය ගොස් ඇති ගණන 1700 ඉක්මවා ඇති බව BBC ලෝක සේවය වාර්තා කරයි.

අනතුරින් පැය 72කට පසු තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා කරමින් පවසන්නේ මිය ගිය ගණන 1700 ඉක්මවා ඇති අතර තවත් 300ක් පමණ අතුරුදහන්ව ඇති බවයි.

ඒ අනුව මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව මියන්මාර මිලිටරි ජුන්ටාව මාධ්‍ය වෙත පවසා තිබේ. දැනට වාර්තා වන පරිදි අනතුරින් තුවාල ලබා ඇති සංඛ්‍යාව 3400කි.

මේ අතර මියන්මාරයට මානුෂීය ආධාර ලබාදෙමින් ඔවුන්ට අහය වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ප්‍රජාවෙන් ඉල්ලීමක් ද කර තිබේ.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පවන්නේ මියන්මාරයට මේ මොහොතේ ඩොලර් මිලියන 8ක ආධාර අවශ්‍යව ඇති බවයි.

තවද පවුම් මිලියන 10 (ඩොලර් මිලියන 12.9) දක්වා වටිනා “ජීවිතාරක්ෂක ආධාර” පැකේජයක් එක්සත් රාජධානියේ රජය විසින් මියන්මාරයට ලබා දෙන බවද ප්‍රකාශ කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පැසිපන්දුව අධ්‍යාපන අමාත්‍ය ධූරයට හෝ අධ්‍යාපන අමාත්‍යංශයට අදාල නැති ක්‍රීඩාවක් ද

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: පාසල් පැසි පන්දු ක්‍රීඩාවේ...

බංගලාදේශය පරදා ශ්‍රී ලංකාව අවසාන පූර්ව වටයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: ආසියානු නැගී එන ක්‍රිකට්...

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය නොසලකා හරින ලද අර්බුදයක් බව, ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව පුරා...

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...