සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මහ බැංකුවෙන් නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 31 , කොළඹ (LNW):

අදින් (31), ආර්ථික අර්බුද හේතුවෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දී තිබූ සහන කාලය අවසන් වෙයි.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගය, අද දිනය දක්වා දීර්ඝ කිරීමත් සමග එම කාලසීමාව ප්‍රකාශයට පත් කෙරිණ.   බලපත්‍රලාභී බැංකු සහ ණය තොරතුරු කාර්යාංශය සමඟ සම්බන්ධීකරණයෙන්, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කෙරෙනු ඇත.

ඒ සඳහා අද දිනයේ ද අවස්ථාව පවතින බව, ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම සම්බන්ධයෙන් මෙතෙක් බැංකු සමග සාකච්ඡා නොකළ ව්‍යවසායකින්ට මුදල් අමාත්‍යංශය දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් මීළඟට අත්පත්කර ගන්නේ ග්‍රීන්ලන්තයද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

BYD සුපිරි චීන සවාරියට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීමට ඩිස්කවුන්ටුත් දීලා ?

BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය...

කැරකස් සිට නිව්යෝර්ක් අධිකරණය දක්වා; වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...