කිම් සූ-හ්යුන් ප්‍රසිද්ධියේ හඬා වැටෙමින් ඔහුට එල්ල වූ පෙම් පලහිලව්වේ චෝදනා ප්‍රතික්ෂේප කරයි!

Date:

සටහන – පුලී
මාර්තු 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
පසුගිය දිනක මියගිය කිම් සේ-රොන් ඇයගේ බාලවයස්කාර වියේදී ඇය සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ බවට එල්ල වන චෝදනා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කොරියානු ජනප්‍රිය රංඟනශිල්පී කිම් සූ-හ්යුන් කඳුළු සලමින් ප්‍රතික්ෂේප කළේය.

කිම් සේ-රොන් පෙබරවාරි 16 වන දින වයස අවුරුදු 24 පසු කරමින් සිටියදී සියදිවි නසා ගත් අතර එදින කිම් සූ-හ්යුන්ගේ උපන්දිනය ද විය.

මේ පිළිබඳ මතභේදය ආරම්භ වූයේ කිම් සේ-රොන්ගේ පවුල ගාරෝ සෙරෝ යොංගුසෝ නම් යූ ටියුබ් නාලිකාවක් හරහා විසින් හෙළි කිරීමත් සමඟ ය. කිම් සේ-රොන් පාසල් යන සමයේ දී දෙදෙනා අතර වසර හයක සම්බන්ධතාවයක් පැවතුන බවට එහිදී පැවසීය.

කොරියාවේ මධ්‍යම පාසල් සිසුන් සාමාන්‍යයෙන් වයස අවුරුදු 12 ත් 15 ත් අතර වන අතර, එම යූ ටියුබ් නාලිකාව විසින් දෙදෙනා එකට සිටින ඡායාරූප කිහිපයක් සහ කිම් සූ-හ්යුන් විසින් කිම් සේ-රොන්ට ලියූ බව කියන ලද ලිපියක ඡායාරූපයක් ද නිකුත් කර තිබිණි.

ඒ වෙලාවේ දී ඔවුන් දෙදෙනා මුලින්ම පෙම් සබඳතාවක් පවත්වන බවට කටකතා පැතිර ගිය නමුත් එහිදී කිම් සූ-හ්යුන් ඔවුන් පෙම් සබඳතාවක් පැවැත්වූ බව ප්‍රතික්ෂේප කළ අතර, එම ඡායාරූපය පළ කිරීම පිටුපස ඇති අභිප්‍රායන් දැන ගැනීමට නොහැකි බව ද ඔහුගේ ආයතනය අදහස් දැක්වීය.

මියගිය තැනැත්තියගේ බාලවයස්කාර වියේදී මට ඇය සමඟ සම්බන්ධයක් තිබුණේ නැහැ! කිම් සූ-හ්යුන් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.

තවද, මියගිය තැනැත්තිය ඛේදජනක තේරීමක් කළේ මගේ උදාසීනත්වය නිසා හෝ අපගේ කළමනාකරණ ආයතනය ඇගේ ණය සම්බන්ධයෙන් ඇයට බලපෑම් කළ නිසා බව සත්‍ය නොවන බව ද ඔහු අවධාරණය කර සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...