අද උදෑසන සිදු වූ අම්බලත්තොට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනේ!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 31 , කොළඹ (LNW):

අද අලුයම, අම්බලත්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරෙන බවත් පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබුණු අතර, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ හම්බන්තොට රෝහලටයි. 

අද අලුයම 2.00 පමණ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා බිරිදට වැසිකිලියට යාම සඳහා ඇය සමඟ නිවසින් පිටතට පැමිණ නිවසත් මුළුතැන් ගෙයත් අතර තිබු පුටුවක වාඩිවී සිටි අවස්ථාවේ ඒ ආසන්නයේ කැළෑබද ස්ථානයක සැඟවී සිටි වෙඩික්කරු වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බව පැවසේ.

වෙඩික්කරු එම වෙඩිතැබීම සිදු කර පිටව යන ආකාරය නිවසේ සවිකර තිබු සී සී ටී වී කැමරාවක සටහන්ව ඇති බවත්, වෙඩික්කරු එම අවස්ථාවේ මුහුණ ආවරණය කරගෙන සිට ඇති බවදපැවසේ. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

ගව සොරකමකින් එම ආරවුල ආරම්භ වී ඇති අතර පසුව මිනිස් ඝාතනයක් වෙඩි තැබීම් දක්වා මෙලෙස දුරදිග ගොස් ඇතිබව පොලිසිය පවසයි. තුවාල ලැබූ පුද්ගලයාගේ බිරිදගේ ප්‍රකාශයකට අනුව, වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පොලිසිය විසින් හඳුනාගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු විදේශ කටයුතු ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට නිල සංචාරයක නිරතව සිටි ඉන්දීය...

මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...