අද උදෑසන සිදු වූ අම්බලත්තොට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනේ!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 31 , කොළඹ (LNW):

අද අලුයම, අම්බලත්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරෙන බවත් පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබුණු අතර, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ හම්බන්තොට රෝහලටයි. 

අද අලුයම 2.00 පමණ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා බිරිදට වැසිකිලියට යාම සඳහා ඇය සමඟ නිවසින් පිටතට පැමිණ නිවසත් මුළුතැන් ගෙයත් අතර තිබු පුටුවක වාඩිවී සිටි අවස්ථාවේ ඒ ආසන්නයේ කැළෑබද ස්ථානයක සැඟවී සිටි වෙඩික්කරු වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බව පැවසේ.

වෙඩික්කරු එම වෙඩිතැබීම සිදු කර පිටව යන ආකාරය නිවසේ සවිකර තිබු සී සී ටී වී කැමරාවක සටහන්ව ඇති බවත්, වෙඩික්කරු එම අවස්ථාවේ මුහුණ ආවරණය කරගෙන සිට ඇති බවදපැවසේ. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

ගව සොරකමකින් එම ආරවුල ආරම්භ වී ඇති අතර පසුව මිනිස් ඝාතනයක් වෙඩි තැබීම් දක්වා මෙලෙස දුරදිග ගොස් ඇතිබව පොලිසිය පවසයි. තුවාල ලැබූ පුද්ගලයාගේ බිරිදගේ ප්‍රකාශයකට අනුව, වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පොලිසිය විසින් හඳුනාගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...