ඉන්ධන මිල සංශෝධනය කෙරේ. නවතම මිල ගණන් මෙන්න !

සටහන – රුවන් නෙළුගොල්ල

අද (මාර්තු 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 361ක් වේ.

ඔටෝ ඩීසල්, සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුකර නොමැත.