සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන යුද්ධයට සම්බන්ධ ඇමරිකානු ගුවන් යානා සඳහා ස්පාඤ්ඤය තම ගුවන් කලාපය වසා දැමූ බව නිල වශයෙන් දැනුම් දී තිබේ.
මාසයක් පුරා පැවති ගැටුමේදී එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග පිළිබඳ යුරෝපයේ ප්‍රමුඛතම විවේචකයා වන ස්පාඤ්ඤය අගමැති පේද්රෝ සැන්චෙස් මිට පෙර නීති විරෝධී, නොසැලකිලිමත් සහ අසාධාරණ යුද්ධයේදී එක්සත් ජනපදයට ඒකාබද්ධව ක්‍රියාත්මක වන හමුදා කඳවුරු ස්පාඤ්ඤයේ භාවිතා කළ නොහැකි බවට අවධාරණය කළ අතර ඒ අනුව යමින් ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබල්ස් ඊයේ(30)දිනයේදී සිය ගුවන් අවකාශය ඉරාන යුද්ධයට සම්බන්ධ ඇමරිකානු ගුවන් යානා සඳහා වසා දමන බව නිවේදනය කර තිබිණි.
ආරක්ෂක අමාත්‍යවරිය මේ බව සඳහන් කරමින් ප්‍රකාශ කර තිබුණේ, සාමයේ සතුරාට නමක් ඇති බවත්, අවාසනාවකට ඇය එම නම දන්නා බවත් ඒ නම බෙන්ජමින් නෙතන්යාහු බවත්ය.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවේ, වොෂින්ටනය නේටෝ සාමාජිකයා ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී තිබියදීත්, ස්පාඤ්ඤ නායකයින් එහි ගුවන් අවකාශය කපා හැරීම අසාධාරණ බවයි. ඊට ප්‍රතිචාර වශයෙන් එක් නීති විරෝධී ක්‍රියාවකට තවත් නීති විරෝධී ක්‍රියාවකට ප්‍රතිචාර දැක්විය නොහැක, මන්ද මනුෂ්‍යත්වයේ මහා ව්‍යසනයන් ආරම්භ වන්නේ එලෙස බවයිඑරට අගමැති පේද්රෝ සැන්චෙස් සඳහන් කර තිබුණේ,
දකුණු ස්පාඤ්ඤයේ රොටා සහ මොරොන් හමුදා කඳවුරු එක්සත් ජනපදය භාවිතා කිරීම සැන්චෙස්ගේ රජය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැඩ්රිඩ් සමඟ වෙළඳාම කපා හැරීමට තර්ජනය කළ මුත් ඔවුන් දිගින් දිගටම මෙම ව්‍යසනකාරී යුද්ධය නිමා කිරීම වෙනුවෙන් පෙනී සිටිනු දක්නට ලැබේ.

