ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීමකින් තොරව ඉරාන යුද්ධය අවසන් කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැමැත්තෙන් පසුවෙන බව එක්සත් ජනපද වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කර තිබේ.
ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් උපුට දක්වමින් ඔවුන් එය වාර්තා කර ඇත.
හෝමුස් විවෘත කර ගැනීම දක්වා සටන කළහොත් යුද්ධය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති බවට ජාන්ධිපති ට්‍රම්ප් සහ ඔහුගේ සහයකයින්ගේ තක්සේරුව වී තිබේ.
කෙසේවෙතත් යුද්ධය නිශ්චිත ලෙස අවසන් කරගැනීමට පෙර ඉරානයේ නාවික හමුදා සහ මිසයිල අවහිර කරගත යුතු බවද ඇමරිකාව අරමුණු කරන බවයි වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කරන්නේ.
යුද්ධයෙන් අවසන් වීමෙන් පසු ඉන්පසු එක්සත් ජනපදය ඉරානයට රාජ්‍ය තාන්ත්‍රිකව බලපෑම් කිරීමට සූදානම් බවත් යුරෝපයේ සහ ගල්ෆ් කලාපයේ මිත්‍ර පාක්ෂිකයින් ඊට පෙරමුණ ගැනීමට බල කරනු ඇති බවත් එහි තවදුරටත් වාර්තා කර තිබේ.


