මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කොටාවත් අඩුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වෙච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසයි.

බලශක්ති අර්බුදය හේතුවෙන් රටට ජනතාවට පූර්වාදර්ශයක් සැපයීම සඳහා සියලු අමාත්‍යවරුන් පොදු එකඟතාවකට පැමිණ එම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරනේ.

මෙම තීරණයට සමගාමීව අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් ද සිය ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමට පියවර ගෙන තිබේ.

ගෝලීය බලශක්ති අර්බුදය සහ පවතින වියළි කාලගුණය හමුවේ ජලය සහ විදුලිය සුරකීම සඳහා රාජ්‍ය ආයතන පළාත් පාලන ආයතන මෙන්ම රටේ සමස්ත පුරවැසියන් ද වගකීමෙන් යුතුව දායක විය යුතු බව අමාත්‍යවරයා කියා සිටියි.

“රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන සියල්ලම විශේෂම වැඩසටහන් සකස් කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා බලශක්තිය හා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා. ආයතනවල අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම, විදුලි සෝපාන භාවිතය හැකිතාක් අවම කිරීම, අධික වියදමක් වැයවෙන වෙළෙඳ ප්‍රචාරක පුවරු සීමා කිරීම සහ රාත්‍රී 9න් පස්සේ, ඔෆ් කරලා තබාගැනීම අවශ්‍ය වෙනවා. මේ රටේ රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන වගේම සමස්ත පුරවැසියන්ටත් අපි ආරාධනා කරනවා මේ මෙහෙයුමට දායකවීමට ඔබටත් යම් වගකීමක් තියෙනවා.” යනුවෙන් ඔහු සඳහන් කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...