ගෝඨාභය පැන්නුවා වගේ IMF එකත් පන්නන්න ඕනේ! (VIDEO)

Date:

ගෝඨාභය රාජපක්ෂ පැන්නු ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පන්නා දැමිය යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය යනු ප්‍රාතිහාර්යයක් නොව රටට තිබෙන ලොකුම හෙනය බවයි ඔහු සඳහන් කරන්නේ.

IMF කොන්දේසි වලට අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් රාජ්‍ය දේපල විකිණීමට අදාළ කටයුතු සිදුකරමින් සිටින අතර විපක්ෂයද IMF ඉදිරියේ තොත්ත බබාලා බවට පත්ව සිටින බවයි මුදලිගේ පවසන්නේ.

IMF නිසා ඩොලර් හම්බවුණා කියා ආර්ථික ප්‍රශ්න විසඳිලා කියලා මතයක් නිර්මාණය කරනවා. සල්ලි කාබාසිනියා කරපු නිසයි අද ආර්ථිකය කඩා වැටිල තියෙන්නෙ. රටේ දැවැන්ත ආර්ථික කොල්ලයක් නිසා රට බංකොලොත් වුණා. IMF නිසා ප්‍රශ්න විසඳෙනවා කියලා බොරු මතයක් හදනවා..විපක්ෂය IMF ගැන ස්ථාවරය ජනතාවට කියන්නේ නෑ.. බදු බර නිසා ජනතාවගේ දේපල සියල්ල විකුණන්න යනවා.” යනුවෙන් ඔහු තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...