දිනේෂ් රත්තරන් සමිත රිදී

Date:

බ්රෙස්බේන් හී ක්වින්ස්ලන්තයේ ක්වින්ස්ලන්ත මලල ක්‍රීඩා සහ ජවන හා පිටිය ක්‍රීඩා මධ්‍යස්ථානයේ පැවත්වෙන ඕස්ට්‍රේලියානු විවෘත හා අවුරුදු 20 පහළ ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ පැරා අංශයේ හෙල්ල වීසිකිරීමේ ඉසව් නියෝජනය කළ දිනේෂ් ප්‍රියන්ත තමන් අයත්වන තරග අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

හෙල්ල විසී කිරීමේ සමිත අයත් තරග අංශයේ රිදී පදක්කම ඔහුට හිමි විය.දිනේෂ් සිය තරග අංශයේ රන් පදක්කම සඳහා මීටර් 63.18 ක දක්ෂතාවයක් දැක් වූ බවත්,සමිත සිය තරග කාණ්ඩයේ රිදී පදක්කම සඳහා මීටර් 64.20 ක දක්ෂතාවයක් දැක් වූ බවත් අප කළ විමසීමකදී ඔවුන් සමඟ සංචාරයට එක්ව සිටින වීසිකිරීමේ ඉසව්වන්හී ජාතික පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත පැවසීය.ඔහු මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ පෞද්ගලික පුහුණුකරු මෙන්ම සංචාරයට එක්ව සිටින කවපෙත්ත වීසිකිරීමේ සූර පාලිත බණ්ඩාරගේ ද පුහුණුකරු වේ.


සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...