දිනේෂ් රත්තරන් සමිත රිදී

Date:

බ්රෙස්බේන් හී ක්වින්ස්ලන්තයේ ක්වින්ස්ලන්ත මලල ක්‍රීඩා සහ ජවන හා පිටිය ක්‍රීඩා මධ්‍යස්ථානයේ පැවත්වෙන ඕස්ට්‍රේලියානු විවෘත හා අවුරුදු 20 පහළ ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ පැරා අංශයේ හෙල්ල වීසිකිරීමේ ඉසව් නියෝජනය කළ දිනේෂ් ප්‍රියන්ත තමන් අයත්වන තරග අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

හෙල්ල විසී කිරීමේ සමිත අයත් තරග අංශයේ රිදී පදක්කම ඔහුට හිමි විය.දිනේෂ් සිය තරග අංශයේ රන් පදක්කම සඳහා මීටර් 63.18 ක දක්ෂතාවයක් දැක් වූ බවත්,සමිත සිය තරග කාණ්ඩයේ රිදී පදක්කම සඳහා මීටර් 64.20 ක දක්ෂතාවයක් දැක් වූ බවත් අප කළ විමසීමකදී ඔවුන් සමඟ සංචාරයට එක්ව සිටින වීසිකිරීමේ ඉසව්වන්හී ජාතික පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත පැවසීය.ඔහු මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ පෞද්ගලික පුහුණුකරු මෙන්ම සංචාරයට එක්ව සිටින කවපෙත්ත වීසිකිරීමේ සූර පාලිත බණ්ඩාරගේ ද පුහුණුකරු වේ.


සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...