ජපන් ‘චයිල්ෆන්ඩ්’ආයතනයෙන් පාපැදි 500ක ප්‍රදානයක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW): ජපන් ‘චයිල්ෆන්ඩ්’ආයතනය විසින් මෙරටට දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩ ව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා පාපැදි 500ක ප්‍රදානයක් ලබා දී ඇත.

බත්තරමුල්ල වෝටර්ස් එජ්හි දී අද(01) දින මෙම පාපැදි නිල වශයෙන් භාර දීම අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාවට මෙරට ජපන් තානාපති මිෂුකොෂි හයිදේකි (MIZUKOSHI Hadeaki) මහතා, ජපන් ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ නියෝජිත යුකෝ ඉෂාණ්ඩා (YUKO ISHANDA) හා ලංකා ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ආදිති ගෝෂ් (ADITI GOSH) මහත්මිය යන අය සහභාගි වූහ.

මේ වන විටත් මෙරටට ලැබී ඇති මෙම පාපැදි තොගය ලබා දීම සඳහා මොණරාගල, පුත්තලම, මුලතිව් වැනි ප්‍රවාහන දුෂ්කරතා සහිත දිස්ත්‍රික්ක 12ක පාසල් 108කින් වයස අවුරුදු 12-16ත් අතර සුදුසු සිසු සිසුවියන් තෝරාගනු ලැබ ඇති අතර, නිවසේ සිට පාසලට අවම වශයෙන් කිලෝමීටර් දෙකහමාරක දුරක් පැමිණිය යුතු වීම මෙම පාපැදි ලබා දීමේ දී සලකා බැලු‍ණු ප්‍රධාන නිර්ණායකයකි. සිසුන්ගේ පවුල්වල ආර්ථික දුෂ්කරතා හා වෙනත් අපහසුතා ද මෙහි දී සැලකිල්ලට බඳුන් කර ඇත.

ශ්‍රී ලංකා ‘චයිල්ෆන්ඩ්’ ආයතනයේ ඉල්ලීම පරිදි මෙම ප්‍රදානය මෙරටට ලැබී ඇති අතර ජපන් තානාපති කාර්යාලයේ මැදිහත් වීම හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශනය යටතේ විනිවිදභාවයකින් යුක්ත ව මෙම පාපැදි අදාළ සිසු-සිසුවියන්ට ප්‍රදානය කරන අතර, මෙම පාපැදි කලාප අධ්‍යාපන කාර්යාල හරහා ශ්‍රී ලංකා ‘චයිල්ෆන්ඩ්’ආයතනය විසින් සිසුන් වෙත බෙදාහරිනු ලැබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...