දිල්ලි මහ ඇමති තවත් සති දෙකක් අත්අඩංගුවේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දිල්ලිය පාලනය කරන ආම් ආද්මි පක්ෂයට (AAP)නායකත්වය ලබා දෙන දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අප්‍රේල් 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බව අද(01) එරට අධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව, සති දෙකකට පෙර දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ මහ ඇමතිවරයා තිහාර් බන්ධනාගාරයට යවන ලද අතර මහ ඇමතිවරයෙකු රඳවා තබා ගත් පළමු අවස්ථාව මෙය වේ.

දූෂණ චෝදනාවලට ලක්ව සිටින කෙජ්රිවාල්, 2015 වසරේ සිට දිල්ලි පාලනය කරන ආම් ආද්මි පක්ෂයට (AAP) නායකත්වය දෙන අතර අගමැති නරේන්ද්‍ර මෝදි සහ පාලක භාරතීය ජනතා පක්ෂයට එරෙහිව සටන් කිරීමට එක්ව සිටින විපක්ෂ සන්ධානයක කොටසකි. මෝඩි තුන්වන වාරයක් බලයට පත් වීමට අපේක්ෂා කරන අප්‍රේල් 19 වන දින ආරම්භ වන ජාතික මැතිවරණයට පෙර, AAP සහ විපක්ෂ සභාගය සඳහා ප්‍රචාරක කටයුතුවල තීරණාත්මක මොහොතක අධිකරණ තීන්දුව කෙජ්රිවාල් සිරකර තබා ගනු ඇත.

කෙජ්රිවාල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් AAP පක්ෂය අගමැති මොදිගේ ආණ්ඩු පක්ෂයට දේශපාලන පලිගැනීම් ලෙස දිගින් දිගටම චෝදනා කරන අතර එය ප්‍රතික්ෂේප කරමින් භාරතීය ජනතා පක්ෂ සඳහන් කරන්නේ කෙජ්රිවාල් අත්අඩංගුවට ගනු ලැබූ මධ්‍යම රජයේ ආයතනය වන බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය (ED) දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැති මුළුමනින්ම ස්වාධින ආයතනයක් බවයි.

අද(01) පැවති නඩු විභාගයේදී ED අධිකරණය වෙත ප්‍රකාශ කර තිබුණේ, කේජ්රිවාල් විමර්ශනයට සහයෝ ගය ලබා නොදුන් බවත්, ඔහුගේ දුරකථනයට සහ පරිගණකයට මුරපද ලබා දීම ප්‍රතික්ෂේප කළ බවත්ය. මේ සම්බන්ධයෙන් කෙජ්වාල් සඳහන් කර තිබුණේ, සිය පක්ෂයේ මැතිවරණ උපාය මාර්ග සහ දේශපාලන සන්ධාන පිළිබඳ රහස්‍ය තොරතුරු වෙත ED වෙත ප්‍රවේශය ලබා දෙන බැවින් මුරපද ලබා දීම ඔහු ප්‍රතික්ෂේප කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...