වහාම ක්රියාත්මක වන පරිදි කොළඹ පොලිස් කොට්ඨාස කිහිපයකට ඇඳිරි නීතිය පනවා තිබේ.
ඒ අනුව කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ හා නුගේගොඩ යන පොලිස් කොට්ඨාසවලට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය ක්රියාත්මක කෙරෙන බවයි පොලිස්පති සී. ඩී. වික්රමරත්න මහතා ප්රකාශ කළේ.
එමෙන්ම කැළණිය සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාසවලට ද වහාම ක්රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඇත.
RN