මිරිහානේ විරෝධතාවය අතරේ වාහන දෙකකට ගිනි තියයි ! (PHOTOS)

Date:

කොළඹ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පැවති විරෝධතාවය අතරතුර බස් රථයකට සහ පොලිස් ජීප් රථයකට ගිනි තබා ඇති බව වාර්තා වේ.

එම විරෝධතාවය පාලනය කිරීම සඳහා යුධ හමුදා කමාන්ඩෝ සෙබළුන් පැමිණි බස් රථයක් මාර්ගය හරස් කරමින් නවත්වා තිබී ඇති අතර යම් පිරිසක් එම බස් රථයට සහ පොලිස් ජීප් රථයකට ගිනි තබා තිබේ.

ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන්.

පවතින විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය, ජීවන වියදම ඉහළ යාම ඇතුළු ගැටලුවලට විරෝධය පළ කරමින් ජනතාව විසින් මෙම විරෝධතා උද්ඝෝෂණය ආරම්භ කර තිබුණේ ජුබිලි කණුව මං සන්ධියේ සිට වන අතර පසුව ඔවුන් ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මාර්ගය දක්වා පැමිණ තිබිණි.

මෙම විරෝධතාව පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් භාවිතා කර තිබුණු අතර රබර් උණ්ඩ භාවිතයක් පිළිබඳව ද තොරතුරු වාර්තා වී තිබිණි.

කෙසේවෙතත් මේ සියල්ල අතරේ තවමත් එම ස්ථානයෙහි විරෝධතාකරුවන් රැඳී සිටින බවත් වාර්තා විය.

මේ අතර මෙම විරෝධතාව පවතින ස්ථානයට පැමිණි කළු ඇඳුම් හැඳගත්, හෙල්මට් පැළඳි පුද්ගලයින් කණ්ඩායමක් පිළිබඳව ආරක්ෂක අංශවල විශේෂ අවධානයක් යොමුවී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටත දැන් තත්ත්වය! (PHOTOS)

කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට...

හිටපු ජනපති රනිල් සිරගත කෙරුණේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

හිටපු ජනපති රනිල් සිරබත් කන්නේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?