මොරටුවේ වඩු කාර්මිකයින් වීදි බසී. නගර සභාව වටළයි !

0
1195

මොරටුවේ වඩු කාර්මිකයින් අද (01) ගාලු පාරට පැමිණ දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර තිබේ.

භාණ්ඩ මිල ඉහළ යෑම හමුවේ සිය වෘත්තීය කටයුතු කරගෙන යෑමට නොහැකි වී ඇති බව පවසමින් ඔවුහු මෙම විරෝධතාවයෙහි නියැළෙති.

මේ හේතුවෙන් මොරටුව කුරුස හන්දියෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා විය.

එසේම මෙම විරෝධතාකරුවන් මොරටුව නගරසභාව වටළා ඇති බවත් සඳහන්.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here