අගමැති ආර්යාවට විරෝධය පා නුවර එළියේදී ජනතා උද්ඝෝෂණ … !

නුවර එළිය නගරසභාව විසින් අද (01) සිට ආරම්භ කළ වසන්ත උදානය සැණකෙළියේ සමාරම්භක උත්සවය නවත්වන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් දැඩි උද්ඝෝෂණයක් හා විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඒ, වසන්ත උදානය සමාරම්භක උත්සවයට අගමැති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැමිණීමට නියමිත බව ප්‍රචාරය වීමත් සමගය.

මෙම උත්සව භූමියට පෙළපාලියකින් පැමිණි ප්‍රදේශවාසීන් එහි සිට විරෝධතාව දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ දේශපාලනඥයින්ගෙන් තොරව එය පවත්වන ලෙසයි.

එමෙන්ම ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වීමට නියමිත බව වාර්තා වූ නුවර එළිය කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවයට ද ජනතාව පැමිණ විරෝධය දක්වා ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...