මිරිහානේ විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටත් පොලිසිය පහරදීලා !

Date:

ඊයේ (31) රාත්‍රියේ නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පැවැත්වුණු විරෝධතාවය පිළිබඳ වාර්තා කිරීමට මාධ්‍යවේදීන් පිරිසකට පොලිසිය සහ ආරක්ෂක අංශ පහරදී ඇති බව වාර්තා වේ.

පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් තිදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ද ගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මාධ්‍යවේදී නිශ්ශංක වේරපිටිය පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අත් අඩංගුවට පත්වූ සුමේධ සංජීව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව වාර්තා විය. ප්‍රදීප් වික්‍රමසිංහ නම් ප්‍රාදේශීය මාධ්‍යවේදියා ද පොලිස් ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...