මිරිහානේ නොසන්සුන්තාවය නිසා පාඩුව මිලියන 39 යි !

0
1555

ඊයේ රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ පැවති නොසන්සුන්තාවය හේතුවෙන් සිදුව ඇති දේපල හානිය මේ වනවිට තක්සේරු කර තිබෙනවා. ජ්‍යෙෂ්ට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ තක්සේරු කර ඇති වටිනාකම අනුව රුපියල් මිලියන 39 කට ආසන්න පාඩුවක් සිදුව ඇති බවයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලදී මේ බව තහවුරු කරගෙන තිබෙනවා.

ඊයේ සන්ධ්‍යාවේ සිට මිරිහාන ප්‍රදේශයේදී ජනතාව උද්ගෝෂණයක නිරත වූ අතර මධ්‍යම රාත්‍රියේ සිට උණුසුම් තත්වයක් ඇතිවිය. උද්ඝෝෂකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස වෙත යාමට උත්සාහ දැරූ අතර පොලීසියෙන් ඊට බාධා එල්ල විය. පොලීසිය හා උද්ගෝෂකයන් අතර ඇති වූ ගැටුම්කාරී තත්වය අතරතුර පොලීසියට අයත් බස් රථයක් ඇතුළු වාහන කිහිපයකට අලාභ හානි සිදු වූ අතර තවත් පෞද්ගලික දේපල කිහිපයකටද හානි සිදුව තිබෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here