මිරිහානේ නොසන්සුන්තාවය නිසා පාඩුව මිලියන 39 යි !

Date:

ඊයේ රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ පැවති නොසන්සුන්තාවය හේතුවෙන් සිදුව ඇති දේපල හානිය මේ වනවිට තක්සේරු කර තිබෙනවා. ජ්‍යෙෂ්ට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ තක්සේරු කර ඇති වටිනාකම අනුව රුපියල් මිලියන 39 කට ආසන්න පාඩුවක් සිදුව ඇති බවයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලදී මේ බව තහවුරු කරගෙන තිබෙනවා.

ඊයේ සන්ධ්‍යාවේ සිට මිරිහාන ප්‍රදේශයේදී ජනතාව උද්ගෝෂණයක නිරත වූ අතර මධ්‍යම රාත්‍රියේ සිට උණුසුම් තත්වයක් ඇතිවිය. උද්ඝෝෂකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස වෙත යාමට උත්සාහ දැරූ අතර පොලීසියෙන් ඊට බාධා එල්ල විය. පොලීසිය හා උද්ගෝෂකයන් අතර ඇති වූ ගැටුම්කාරී තත්වය අතරතුර පොලීසියට අයත් බස් රථයක් ඇතුළු වාහන කිහිපයකට අලාභ හානි සිදු වූ අතර තවත් පෞද්ගලික දේපල කිහිපයකටද හානි සිදුව තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිත්වා පෙන්නපු රිදී රේඛාව ….

සිදුවූ සියල්ලෙන් පෙනී යන්නේ මොකක්ද? එකම දෙය මෙවන් ව්‍යසනයක්...

BREAKING NEWS : රතු නිවේදනය අනුව අවදානම් ස්ථානවල ජනතාව ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යැවීමට දැනුම්දීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්...

වසර 147ක විශ්වාසය සමග හේලීස් මොබිලිටි වෙතින් OMODA, JAECOO සහ SRM හයිබ්‍රිඩ් සහ විදුලි වාහන

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් වෙත යොමු...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි – අද (09) කාලගුණ වාර්තාව !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...