මිරිහානේ සිදුවීමට ජාතිවාදී, ත්‍රස්තවාදී ලේබල් එපා – රනිල්

Date:

ඊයේ රාත්‍රී මිරිහාන ආශ්‍රිතව සිදු වූ සිදුවීම ජාතිවාදී හෝ ත්‍රස්තවාදී සිදුවීමක් නොවන බැවින් එවැනි ලේබල් ඇලවීමෙන් වැළකී සිටින ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එවැනි ලේබල් ඇලවීම හරහා අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බවයි එජාප නායකයා සඳහන් කරන්නේ.

මෙම සිද්ධිය පිටුපස සිටින බවට, විවිධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව චෝදනා කරන බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ චෝදනා එල්ල නොකර එම කණ්ඩායම් පිළිබඳ සාක්ෂි හා තොරතුරු ඉදිරිපත් කළයුතු බවයි.

ජාතිවාදී ලේබල්, ත්‍රස්තවාදී ලේබල් ඇලවීම වෙනුවට පීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කළයුතු බවත්, එවැනි විසඳුමක් එළඹෙන පාර්ලිමේන්තු සතියේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...