ඇමති එන රැස්වීමේ කලුකොඩි ඔසවයි ! ඇමති වෙනුවට ආ මන්ත්‍රී ආපසු හැරී යයි !

Date:

අද දිනයේදී කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඊට සම්බන්ධ වූ දේශපාලනඥයන්ට ජනතාවගේ විරෝධය එල්ල වී තිබෙනවා. මේ නිසා ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනඥයන්ට ආපසු හැරී යාමට සිදුවිය.

ඉඩම් ඔප්පු බෙදාදීම සඳහා මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයා උත්සවය සඳහා සහභාගි වී නොමැත. ඊට හේතුවෙ රැස්වීම පැවැත්වෙන ස්ථානයේ කලුකොඩි ඔසවා විරෝධය පළකිරීමට ජනතාව කටයුතු කර තිබීම හේතුවෙනි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගි නොවුවද ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහභාගි වී තිබෙනවා. කෙසේ නමුත් ඔහුටද ජනතාවගෙන් දැඩි විරෝධය එල්ල වී තිබේ.

මේ නිසා මන්ත්‍රීවරයා අදාල ස්ථානයෙන් වහාම ඉවත් කිරීමට ආරක්ෂකයන් කටයුතු කර තිබේ. මන්ත්‍රීවරයා පැමිණි වාහනයද එම ස්ථානයේ තිබියදී වෙනත් වාහනයකින් චාමර සම්පත් මහතා රැස්වීම් භූමියෙන් ආපසු හරවා යාමට ආරක්ෂකයන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.ෙ

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...