මියන්මාරයේ ජනතාව වෙත විපක්ෂ නායක සිය ශෝකය ප්‍රකාශ කරයි!

Date:

කොළඹ LNW:මියන්මාරයේ ඇති වූ භූකම්පන හේතුවෙන් මතුව තිබෙන ඛේදනීය තත්ත්වය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට මියන්මාර තානාපතිනිය මුණගැසී සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

විපතට පත් ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඉහළින්ම ඉටුකරන බවයි එහිදී විපක්ෂ නායකයා සඳහන් කර ඇත්තේ.

අප රටේ සම්බුද්ධ ශාසනය, බෞද්ධ ශිෂ්ඨාචාරය සමග සමීප සම්බන්ධතාවක් මියන්මාරයට ඇති නිසා වගකිවයුතු බෞද්ධයන් ලෙස ආගමට දහමට අනුව විපතට පත් ජනතාවට යම් සහනයක් මෙන්ම ඒ අයට කළ හැකි උපරිම උදව් උපකාර ඉටු කරන බවත් ධනවත් රටවල් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ද මේ මියන්මාරයේ ජනතාව වෙනුවෙන් ලබා දිය හැකි ඉහළම සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...