මියන්මාරයේ ජනතාව වෙත විපක්ෂ නායක සිය ශෝකය ප්‍රකාශ කරයි!

කොළඹ LNW:මියන්මාරයේ ඇති වූ භූකම්පන හේතුවෙන් මතුව තිබෙන ඛේදනීය තත්ත්වය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට මියන්මාර තානාපතිනිය මුණගැසී සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

විපතට පත් ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඉහළින්ම ඉටුකරන බවයි එහිදී විපක්ෂ නායකයා සඳහන් කර ඇත්තේ.

අප රටේ සම්බුද්ධ ශාසනය, බෞද්ධ ශිෂ්ඨාචාරය සමග සමීප සම්බන්ධතාවක් මියන්මාරයට ඇති නිසා වගකිවයුතු බෞද්ධයන් ලෙස ආගමට දහමට අනුව විපතට පත් ජනතාවට යම් සහනයක් මෙන්ම ඒ අයට කළ හැකි උපරිම උදව් උපකාර ඉටු කරන බවත් ධනවත් රටවල් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ද මේ මියන්මාරයේ ජනතාව වෙනුවෙන් ලබා දිය හැකි ඉහළම සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...