ජනාධිපතිවරයා විධායක බලය සහ වරප්‍රසාද දේශපාලන වේදිකාවට ගෙනල්ලා.ප්‍රතිවාදීන්ට පහර පිට පහර – පොහොට්ටුවෙන් චෝදනා!

Date:

කොළඹ LNW:වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයාගේ කාර්යභාරයෙන් එළියට පැමිණ ජාතික ජන බලවේගයේ නායකයාගේ රාජකාරිය කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව ඔවුන් විසින්ම යෝජනා කළ දේශපාලන සංස්කෘතිය ඔවුන් විසින්ම පැහැර හරිමින් සිටින බවයි එදිරිමාන්න මහතා සඳහන් කළේ.

ජනාධිපතිවරයා රාජ්‍යයේ විධායක බලය සහ වරප්‍රසාද දේශපාලන වේදිකාවට ගෙනවිත් ප්‍රතිවාදීන් සියලු දෙනාම් ඉතාම නිර්දය ලෙස විවේචනය කරමින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධ සෘජුව හා අනියම් ආකාරයෙන් බලපෑම් සහගත ප්‍රකාශ සිදුකරන බවද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා අසන්න වශයෙන් කතා කළ රැස්වීම දෙක අරන් බලන විට නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත සිය අකමැත්ත සෘජුව හා වක්‍රව කීමට පටන් ගෙන තිබෙන බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එළඹී මහ මැතිවරණයේදී තමන්ගේ පක්ෂය හා අපේක්ෂකයින් වෙනුවෙන් වචනයක් හෝ කතා නොකළ බව ද එදිරිමාන්න මහතා කියාසිටියේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාද යම්තාක් මට්ටමින් එවැන්නක් අනුගමනය කර තිබෙන බවත් එලෙස සිය පූර්වගාමීන් විසින් හදුන්වා දුන් සංස්කෘතිය හෝ වත්මන පාලකයින් අනුගමනය නොකරන බවයි එහිදී ඔහු සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...