සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සහය පළකරමින් සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානයෙන් විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW: සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය විසින් අද (01) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයේදී අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් සහ නදුන් නිදහස් කරන ලෙසත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් අනුමත කුසලතා මත සමසෞඛ්‍ය උපාධිධාරීන් සේවයට බඳවා ගන්න ලෙසත් එහිදී බලකෙරුණි.

විරෝධතාවට පොලීසියෙන් බාධාවක් එල්ල නොවීය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.