හිටපු ඇමති චන්නගෙන් රජයට ඉල්ලීමක්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 , කොළඹ (LNW):

දළදා ප්‍රදර්ශනයට වැය කරන මුදල් මියන්මාරයට යවන්න යැයි හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටී.

එරටට බලපෑ දරුණු භූමි කම්පාවෙන් පීඩාවට පත්ව සිටින මියන්මාර ජනතාවට සහන සැලසීම සදහා නුදුරේදී පැවැත්වීමට නියමිත දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් වැය කිරීමට නියමිත මුදල් යොදා ගන්නා ලෙස චන්න ජයසුමන මහතා පවසා සිටී.

මියන්මාරය බෞද්ධ රටක් බව මතක් කළ හිටපු අමාත්‍ය චන්න ජයසුමන, වෛද්‍ය කණ්ඩායමක් පමණක් එරටට පිටත් කර යැවීමට රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය ද පළකර සිටී. 

අනුරාධුර රාජධානිය බිද වැටීමෙන් පසු මහ විජයභාහූ (පළමුවන විජයභාහු) රජු මේ රට මුදා ගනු ලැබුවේ, බුරුමයේ (අද මියන්මාරයේ) අනුරුද්ධ රජුගෙන් ලැබුණු සහාය මත බව ද චන්න ජයසුමන පවසා සිටී.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...