ඉන්ධන මිල දැනෙන්න අඩු කරන්න බැරි හේතුව මෙන්න!

Date:

කොළඹ LNW:මේ මොහොතේ ඉන්ධන මිල සැලකිය යුතු මුදලකින් අඩු කිරීමේ හැකියාවක් නැත්තේ තවදුරටත් IMF කොන්ද්සි සමඟ රජයට කටයුතු කිරීමට සිදුව ඇති නිසා යැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

එමෙන්ම ඉදිරියේදී පුනර්ජනනීය බලශක්ති අංශයට යොමුවීමේ අවශ්‍යතාව ද පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“ඉන්ධන මිල අඩු කරන්න අපිත් කැමතියි.මේ මොහොතේ ඉන්ධන මිල සැලකිය යුතු මුදලකින් අඩු කිරීමේ හැකියාවක් නැහැ. තාමත් IMF කොන්දේසි තියෙනවා. අපේ අදායම සහ වියදම අතර බැලීමක් කරන්න වෙනවා.රජයට අදායමක් තියෙන්න වෙනවා. ඒ නිසා අපිට එකපාරම අඩුකරන්න අමාරුයි. එකක් තමයිපුනර්ජනනීය බලශක්ති පැත්තට යන්න වෙනවා. ඉන්දීය අගමැතිතුමා ආවමත් පුනර්ජනනීය බලශක්තිය පැත්තෙන් තමයි ගිවිසුමකට යන්නේ. එහෙම ගිහින් තමයි අපිට විදුලි බිල අඩුකරන්න තියෙන්නේ. ඉන්ධන මිලේ ගැලපීමක් තියෙනවා. එකපාරම යන්න බැහැ. හැබැයි ආණ්ඩුව ආවට පස්සේ ඉන්ධන මිල ගොඩක් අඩු කරලා තියෙනවා. මේපාර රුපියල් 10කින් අඩු කළාට මීට ඉස්සෙල්ලාත් ආණ්ඩුව විවිද ප්‍රමාණවලින් මිල අඩු කරලා තියෙනවා.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...