රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW :
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර පැවැත්වූ දෙවන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වාරයේදී දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට පියවර ගෙන ඇත.
එහිදී ප්‍රධානතම ඉලක්කය ලෙස 2030 වසර වන විට දෙරට අතර වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවකට පැමිණ තිබේ.
කෘෂිකර්මාන්තය, පශු සම්පත් සහ ආරක්ෂක ක්ෂේත්‍රය වැනි අංශ ගණනාවක අත්සන් කිරීමට ඉතිරිව ඇති ගිවිසුම් කඩිනම් කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී කැමැත්ත පළ කර ඇත.
මීට අමතරව, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉදිරි බ්‍රසීල රාජ්‍ය සංචාරය සහ පාර්ලිමේන්තු මට්ටමින් පවතින සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
මෙම සාකච්ඡාවල සමස්ත අරමුණ වූයේ කාලීන ගෝලීය අවශ්‍යතාවලට අනුකූලව දෙරටේ ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව පුළුල් කිරීමයි.



