ට්‍රම්ප් ඩොලර් මිලියන 175 ක බැඳුම්කරයක් ඉදිරිපත් කරමින් වත්කම් රැකගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ වැඩිහිටි පුතුන් සහ ඔහුගේ නම සඳහන් සමාගම ණය දෙන්නන්ට වංචා සහගත ලෙස තම ශුද්ධ වටිනාකම වැඩිකර පෙන්වීම සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණය විසින් පසුගිය පෙබරවාරි 16වන දා ඩොලර් මිලියන 354.9ක දඩ මුදලක් ගෙවීමට නියෝග කිරීමෙන් අනතුරුව සිය වත්කම් අත්පත් කරගැනීම වලක්වා ගැනීමට ට්‍රම්ප් ඊයේ(01) පැවති නඩුවේදී ඩොලර් මිලියන 175 ක බැඳුම්කරයක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.

නිව් යෝර්ක් නීතිය යටතේ, ගෙවිය යුතු දේ ගෙවීම සහතික කරන බැඳුම්කරයක් තැබුවහොත්, තීන්දුවක් බලාත්මක කිරීම විරාම කළ හැකිම් බැවින් ට්‍රම්ප් ටවර්, ඔහුගේ අක්කර 370 ක නිවාඩු නිකේතනය සහ වෙස්ට්චෙස්ටර් හි ගොල්ෆ් පිටිය සහ ෆ්ලොරිඩාවේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ වතුයාය ඇතුළු ට්‍රම්ප්ගේ දේපළ මේ අනුව තාවකාලිකව ආරක්ෂා වනු ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එය අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මඟින් විභාගයට ගැනෙනු ඇත. මේ සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ නීතීඥවරිය වන ඇලිනා හබ්බා සඳහන් කර තිබුණේ, පොරොන්දු වූ පරිදි, ජනාධිපති ට්‍රම්ප් බැඳුම්කරයක් පළ කර ඇති බවත්, අභියාචනයකදී ඔහුගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට සහ මෙම අසාධාරණ තීන්දුව අවලංගු කිරීමට ඔහු බලාපොරොත්තු වන බවත්ය.

කෙසේ නමුත්, එළඹෙන 2024 ජනාධිපතිවරණයට මුහුණ දීමට සැරසෙන ට්‍රම්ප් මේ වන විට විවිධ අධිකරණ බල ප්‍රදේශ හතරක අපරාධ අධිචෝදනා හතරක් ඇතුළු නීතිමය ගැටලු රාශියකට මුහුණ දී සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද...

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...