තවත් බරපතළ නැව් අනතුරක්, චරිතගෙන් හෙලිදරව්වක්! (VIDEO)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 02 , කොළඹ (LNW):

නිදහස ජනතා සභාවේ ප්‍රධාන ලේකම්, පා.ම. මහාචාර්ය චරිත හේරත් මහතා අද දින මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ, මේ දින වල ඉන්දියානු මහා මැතිවරණය හේතුවෙන් ලංකාවත් ඒ සමඟ ඈදමින් කච්චතිව් දූපත ලංකාවට දීම ලොකු වැරැද්දක් වෙලා තියෙන බව පවසමින් කතිකාවතක් ගොඩ නැගී ඇති බවයි. මේ අනුව චරිත හේරත් මහතා පවසන්නේ, රටවල් එකක් හැප්පෙන්න අවශ්‍ය නොමැති බවයි.

තවද, මේ රටේ මුහුදු තීරය ගැන ප්‍රශ්නයක් තිබූ බවත්, දැන් අලුත්ම කතාව තමයි පාලමේ හැප්පුණු නැව ඇතුලේ විශ සහිත දේවල් තිබූ බව කියන කතාව බව ඒ මහතා පවසයි. එම නැව අප්‍රේල් මාසයේ ලංකාවට එන්න තිබූ බවත් දැනටමත් කන්ටේනර් 13 ක් ලීක් වෙන බව දැනගන්නට ඇති බවද වැඩිදුරටත් පැවසීය.

තවදුරටත් ඒමහතා පැවසූවේ, පසුගියදා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියන කතා වල ඇත්තක් තියෙනවාද යන්න නොදන්නා බවත්, එය හොඳින් සොයා බලා පැවසිය යුතු කරුණක් බවයි.

” නිකං වලං කඩේට පැන්නා වගේ කතා කියලා වැඩක් නෑ” යනුවෙන් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...