කොළඹ වාණිජ මහාධිකරණයෙන් සේනක බටගොඩට ගීත ගායනයට වාරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 02 , කොළඹ (LNW):අද (02)දින කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ගායන ශිල්පී සේනක බටගොඩට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් වාරණයක් නිකුත් කළේය.

අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් එලෙස වාරණ නියෝගය නිකුත් කර ඇත.

ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් මෙම තීරණය දැනුම්දී තිබේ.

ජනත් කුලතිලක විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින් ද වාරණයක් නිකුත් කරනු ලැබූ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...

ආණ්ඩුව හදන්නේ නීතිපති සහ අධිකරණය බියවද්දන්න – නාමල්ගෙන් චෝදනා

කොළඹ LNW:මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගැන්වීමට...

නීතිපතිට එරෙහි විරෝධය අලුත්කඩේ උසාවි භූමියටම එයි! (PHOTOS)

කොළඹ LNW: නීතිපතිට එරෙහිව අද (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය...

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...