අපේ රටේ ස්වෛරීත්වයට බලපෑම් කළේ කවුද? විමල්ගෙන් ප්‍රශ්නයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 02 , කොළඹ (LNW): හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොතෙහි සඳහන් වන්නේ දෙස් විදෙස් බලවේග හේතුවෙන් ඔහුට ඒ තනතුර අතහැරයාමට සිදුවූ තත්ත්වයක් ඇති කරන ලද බවත්, ඔහු පවසන එම කරුණ 03 සත්‍ය නම් මෙය ඉතා බරපතළ තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

” මේක මේ රටේ ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මේක අතීතයට පවරලා වෙච්ච දේ වුණා ඔන්න ඔහේ එච්චරයි දැන් අපි ඒ ගැන කථා කරලා වැඩක් නෑ කියලා හිතනවනම් ඒක මේ රටේ පරමාධිපත්‍ය හිමි මහජනතාවට කරන බරපතළ අවමානයක් ” අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා කියා සිටියේය.

එමෙන්ම අරගල සමයේදී සිදුවූ ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

“අරගල සමයේදී ඔබතුමාව ව්‍යවස්ථාවට පිටින් රටේ ප්‍රධාන වගකීම.. ඒ කියන්නේ ජනාධිපති වගකීම භාරගැනීම සඳහා දෙස් විදෙස් ඇතැම් කණ්ඩායම් බලපෑම් ඇති කරපු බවට ඒ වගේම “09 සැඟවුණු කථාව” කියලා මම පොතක් එළිදැක්වූවා ඒ පොතේ ඒ කරුණ මම විවෘත්තව එළිදැක්වුවා ඔබතුමාට කුමන තානාපති කාර්යාලද, කුමන තානාපතිවරුන්ද සහ දේශපාලඥයින් කවුරුන්ද ඒ බලපෑම එල්ල කළේ කියලා.” 

“හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොතෙත් සඳහන් වෙනවා දෙස් විදෙස් බලවේග නිසා ඔහුට ඒ තනතුර අතහැරයාමට සිදුවූ තත්ත්වයක් ඇති කරන ලද බව. දැන් මේ කරුණ 03 සත්‍ය නම් මේක ඉතා බරපතළ තත්ත්වයක්. මේක මේ රටේ ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මේක අතීතයට පවරලා වෙච්ච දේ වුණා ඔන්න ඔහේ එච්චරයි දැන් අපි ඒ ගැන කථා කරලා වැඩක් නෑ කියලා හිතනවනම් ඒක මේ රටේ පරමාධිපත්‍ය හිමි මහජනතාවට කරන බරපතළ අවමානයක්.”

“ඒ නිසා මන්ත්‍රීවරයෙක් හැටියට මම කථානායක තුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ඇති වුණ සංසිද්ධිය පිළිබඳ.. අපේ රටේ ස්වෛරීත්වයට බලපෑම් කළේ කවුද? ඒ අවස්ථාවේ ව්‍යවස්ථාවට පිටින් තීරණ ගන්න පෙළඹෙව්වේ කව්ද? ඒ අය කුමන අරමුණක් ඇතිව ඒක කරාද කියන කාරණය පිළිබඳ සාකච්ඡා කරන්න මේ සභාවේ ඉදිරි සතියක, දින දෙකක විවාදයක් දෙන්න. ඒ වගේම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභා පත්වෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත තේරිම් කාරක සභාවක් පත් කරන්න.  එසේ කිරීමෙන් පමණයි බාහිර රටවලට ඕනේ විදිහට ලංකාවේ ඉරණම් කථාව ලියන්න කැසකවපු ඒ පාපි බලවේග පිළිබඳව කරුණු අනාවරණ කරන්න පුළුවන්.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...