*
Friday, September 20, 2024
spot_img

Latest Posts

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවුඩය

කෘතහස්ත දේශපාලනඥයෙක් වූ හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාගේ අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි.

වාමාංශික දේශපාලනයේ ක්‍රියාකාරිකයෙක් වූ අතාවුද සෙනෙවිරත්න මහතා දේශපාලනයට අත්පොත් තබන්නේ ලංකා සම සමාජ පක්ෂයෙනි.

වෘත්තියෙන් ගුරුවරයෙක් වූ අතාවුද සෙනෙවිරත්න මහතා 1954 වසරේදී ඕතර ගම්දොළහ පත්තු නම් කාර්ය සභාවට තේරීපත්වෙමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් 1970 වර්ෂයේ මා නවක මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වනවිට ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් රුවන්වැල්ල ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ නවක මන්ත්‍රීවරයා වූයේ අතාවුද සෙනෙවිරත්න මහතාය.‍

මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු ඇඳුම හා සැබැඳි යටත්විජිත සම්ප්‍රදායන් වෙනස් කිරීමට ආතාවුද සෙනවිරත්න මහතා පෙරමුණ ගත්තේය. බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිවිසෙන විට අද සැරසී සිටින කලිසම සහ බුෂ් කමිසය ඔහු කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස 1973 දී ලැබූ ජයග්‍රහණයකි.

එකල පැවති සමගි පෙරමුණු ආණ්ඩුවේ අප සමඟ සිටි ක්‍රියාකාරී මන්ත්‍රීවරයෙක් වූ අතාවුද සෙනෙවිරත්න මහතා සබරගමුව පළාත් සභාවේ පළමු විපක්ෂ නායකයා ලෙසත් පසු කලෙක එම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය.

ලංකා සම සමාජ පක්ෂයට සමු දෙමින් 1999 වසරේදී ආතාවුද සෙනවිරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. එතැන් පටන් මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස මෙන්ම කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙසද කටයුතු කළ අතාවුද සෙනෙවිරත්න මහතා පැවති ආණ්ඩු කිහිපයකම නියෝජ්‍ය අමාත්‍යධුර සහ කැබිනට් අමාත්‍යධුර කිහිපයක්ම දරමින් ජනතාවාදී දේශපාලනයක නියැලුනේය.

මා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ කම්කරු හා මිනිස්බල අමාත්‍යවරයා ලෙස අතාවුද සෙනවිරත්න මහතා කම්කරු ජනතාව වෙනුවෙන් කළ මෙහෙවර මේ මොහොත් සුවිශේෂීත්වයෙන් සිහිපත් කළ යුතුය.

දේශපාලනයෙන් මදකට ඈත් වුවද මිය යනතුරුම ආතාවුද සෙනවිරත්න මහතා සහ මා අතර පැවැති මිත්‍රත්වය එලෙසින්ම පැවතිණි. ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගෙන බොහෝ කලක් ගතවනතුරුත් අඛණ්ඩව සමාජ සේවයට කැපවුණු ආතාවුද සෙනවිරත්න මහතා ජනහිතකාමී දේශපාලඥයකුගේ භූමිකාව සිය ජීවිත ආදර්ශයෙන්ම පිළිබිඹු කළ සුවිශේෂී චරිතයකි.

අවුරුදු 91ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූ අතාවුද සෙනෙවිරත්න මහතාට නිවන් සුව අත්වේවා! යැයි ප්‍රාර්ථනා කරන අතර ඒ මහතාගේ අභාවයෙන් ශෝකයටපත් දියණිය සහ  පුතණුවන් සිව් දෙනා ඇතුළු පවුලේ සමාජිකයන්ටත් ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු දේශපාලන හිතවතුන් හා ප්‍රදේශවාසී සැමටත් මාගේ බලවත් ශෝකය පුද කරමි.

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

අග්‍රාමාත්‍ය 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan