Wednesday, June 29, 2022
spot_img
spot_img

Latest Posts

කුණු ගොඩට යන රෙදි පිලි වලට යුරෝපා සංගමයේ තහනමක්

පාරිසරික ප්‍රමිතීන් ඉහළ නැංවීමේ ක්‍රම උපායක් ලෙස ඇඳුම් නවීකරනය කිරීමට සහ වඩා කල් පවතින බවට පත් කිරීමට නව ක්‍රමවේදයක් පිලබඳව යෝජනාවක යුරෝපා සංගමය පසුගිය බදාදා නිවේදනය කරන්නට විය.

යුරෝපා සංගමේ සාමාජික රටවල් සහ නීති සම්පාදකයින් විසින් සාකච්ඡා කරනු ලබන නව සැලැස්ම අනුව 2030 වන විට යුරෝපා සංගම් රාජ්‍යයන් හි අලෙවි කරන රෙදිපිළි හැකිතාක් ප්‍රතිචක්‍රීකරණය කරන ලද තන්තු වලින් සාදා ඒවායේ අඩංගු අන්තරායකර ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණය ඉවත් කිරීම මෙහි අරමුණයි.මෙම යෝජනාව මගින් ඇඳුම් කෙතරම් පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ පරිසර හිතකාමීද යන්න විස්තර කෙරෙන දැනුවත් කිරීම් ලේබල් කිරීමක්ද සිදු වේ.අලෙවි නොකළ හෝ නැවත වෙළඳසැල් වෙත ආපසු ලබා දුන් ඇඟලුම් ඇතුළු යම් නිශ්පාදන ගැටලු යටතේ අලෙවි නොකළ නිෂ්පාදන විනාශ කිරීම එ් යටතේ තහනම් කරනු ඇත.ආහාර, නිවාස සහ ප්‍රවාහනයෙන් පසු සංගමේ රටවල් 27 පුරා පරිසරය සහ දේශගුණික විපර්යාස කෙරෙහි සිව්වන ඉහළම බලපෑම රෙදිපිළිවලට ඇති බව යුරෝපා සංගමය පවසයි.

යුරෝපීයයන් ඇඟලුම් සහ ගෘහාශ්‍රිත ලිනන් කිලෝග්‍රෑම් 26ක් (රාත්තල් 57ක්) මිල දී ගන්නා බවත්, එයින් 73%ක් ආනයනය කරන බවත්, පුද්ගලයෙකු රෙදිපිළි කිලෝග්‍රෑම් 11ක් හෙවත් සමස්තයක් ලෙස ටොන් මිලියන 5.8ක් ඉවත දමන බවත් නිරීක්ෂණ කණ්ඩායම තහවුරු කර තිබේ.

2000 සහ 2015 අතර ලොව පුරා රෙදිපිළි නිෂ්පාදනය දෙගුණ වී ඇති නමුත් ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් වන අතර පරිසරයට මුදා හරින ලද ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලින් 35% ක් නිර්මාණය වන්නේ පොලියෙස්ටර් හෝ ඇක්‍රිලික් මත පදනම් වූ ඇඳුම් වලිනි.

OUTBOUNDTODAY SAHAN HEWAGAMAGE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.