තුන් වෙනිදායින් පසුව විපක්ෂයේ දේශපාලන පක්ෂ වලංගුද ?

Date:

සංවිධායක පක්ෂයක් නොමැතිව මිනිසුන් පාරට බහින්ට සූදානම් වෙනවා යැයි කන වැකුන සැනින් විපක්ෂයේ ඇතැම් පක්ෂ එකී අරගලයේ පැත්තක එලෙන්ට උත්සාහ කලේය.

තවත් පකෂ තමන් ඒවාට සම්බන්ද නැතිබව නිවේදනය කලේය.

ඒ සමඟම මේ පාරට බැසීම පසු පස ඇති යටිකූට්ටු ගේමක් ගැනද කියවුනි …

ප්‍රශ්නය ඇත්තේ මෙහි පිටුපස යටිකූට්ටු ගේමක් තියෙනවද නැද්ද යන්නෙහි නොව පක්ෂ සංවිධානය කරන විරෝධයන්ට වඩා පක්ෂ නැතිතැනක මිනිසුන් මෙතරම් උද්යෝගයෙන් සහබාගී වන්නේ මන්ද යන්නෙහිය.

තමා අතේ ඇතැයි දේශපාලන පක්ෂ සිතා සිටි අරගලයේ පේටන්ට් පත මහජනයා විසින් නිෂ්කීය කරමින් පවතී.

උත්සන්න වෙමින් පවතින නව තත්වයට අනුව තුන්වෙනිදාට මහා ජනසන්නිපාතයක් නගරවලට කඩාවදින ලකුණු පහලවෙමින් පවතී.

එතකොටත් මේ පිටිපස්සෙ බැසිල් හෝ කවුරුන් සිටී යැයි ඇඟ බේරා ගත හැකිද … ?

මාක්ස්ට අනුව සැබෑ අරගලය නිර්මාණය වන්නේ මහජනතාව ඉතිහාස දර්ශන පතයට බලහත්කාරයෙන් කඩා වැදුන විටය.

එකී අරගල අදේශපාලනික නැත සපුරා දේශපාලනිකය.

අදේශපාලනිකභාවය යනු ඉතිහාසයේ සියල්ල සහ පිලිවෙල තමා දන්නේ යැයි සිතන උඩඟු ගොඩපෙරකුදෝරු කමය …

  • ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...

බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW බංගලාදේශ සංචාරයට නම් කරන...